ඒ වුනත් අහින්සා අයත් වුනේ වැදගත් කියන කොටසට කියලා කොල්ලා දැනන් හිටියා..

අනිත් එක එදා අනුට ගැහුව විදිහ මතක් වෙනකොට ටේට තව බය හිතුනා. කෙල්ලගේ නීති තදයි නම් කීයටවත් කොල්ලට බේරුමක් නැති බව කොල්ලට තේරුනා.. දවසක් දෙකක් යනකල් කෙල්ලව බලන්න නොයන්න ඇත්තම හේතුව වුනේ ලබන සතියෙ තිබ්බ concert එකේ වැඩ වලට වඩා ඒ චකිතය.

කමක් නෑ.

වැරැද්ද මගේ නම් මම එපැයි වන්දි ගෙවන්න.. මන් ඒ කෙල්ලව අසරන කරන්නෙ නෑනේ.. මන් එයාට ඇත්තටම ආදරෙයි.. ඔව්.. ටික දවසක් යනකොට එයා මාව තේරුම් ගනියි.. මේ කලබල ටික ඉවර වෙලා කෙලින්ම ගිහින් කතා කරනවා.. ආපහු නම් මෝඩ වැඩක් කරන්නෙ නෑ.. සත්තයි..

කොල්ලා තනියෙන් හිත හිත තීරන ගන්නවා.

අනේ මන්දා..

ආදරේ කියන්නෙ පුදුම දෙයක්..

~~~~~~~~~~

ටික දවසක් එහෙමම ගෙවිලා ගියේ එක් කෙනෙක්ගෙ කේන්තියෙන් පිරුන හිතත් එක්ක අනිත් ආදරේ පිරුන හිත හම්බෙන්නෙ නැතුව..

ලබන සතියෙ තියෙන Winter Night Live Concert එකට හැමෝම දැන් බරටම වැඩ. Concert එක තිබුනෙ Seoul වල නිසාම medical team එකට කිසිම වැඩක් වැටුනෙ නැති වුනත් Bighit එකේ හිටපු අනිත් හැම staff එකක්ම හිටියේ පුදුම කලබලේක..  ඉතින් medical team එකත් නිකන්ම හිටියෙ නෑ. එක එක වැඩ වලට උදවු කලා..

අහින්සා වීනාවී..

මේ ගෙවුනු දවස් දෙක ඇතුලෙ හිටියෙ පුදුම වේදනාවක. ඒකට හේතු තිබ්බා කිහිපයක්ම..

හැමදේකටම අන්ක එක වුනේ Kim Tae Hyung..

මොකද අනවසරයෙන් කරපු ඒ හැමදේකටම කෙල්ලගේ හැගීම් හැම එකක්ම වගේ තිබුනෙ ඇවිස්සිලා..

ආදරය..

වයිරය..

තනිකම..

වේදනාව..

පාලුව..

මේ හැම හැගීමක්ම කෙල්ලට ගොඩක් වද දුන්නා.. ගොඩක් නෙවෙයි ගොඩාරියක්..

මොනා වුනත් ටේ හ්‍යුන් කියන්නෙ කෙල්ලගෙ අවුරුදු හතරක ඒක පාර්ශ්වීය ආදරේ. හිතපුවත් නැති වෙලාවක ඇවිත් කෙල්ලව බලහත්කාරයෙන් සිප ගත්තු නිසාම කෙල්ලට ඒ වෙලාවෙ හැමෝගෙන්ම අහිමි වෙලා තිබුනු ආදරේක අවශ්‍යතාව ගොඩක්ම තදින් දැනෙන්න පටන් ගත්තා.. ඒ ආදරෙන් ලැබෙන රැකවරනයේ අඩුව කෙල්ලට දැනෙන්න පටන් ගත්තා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now