_16th Winter_

Começar do início
                                    

ටේ හ්‍යුන් කියන්නෙ BTS group එකේ ඉන්න ජිමින්ගේ same age boy. කෙලින්ම කිව්වොත් දෙන්නට දෙන්නා Soulmateලා.. මුලු ලෝකෙම හිටපු BTS Army fandom එකේ හැමෝම ගොඩක් ආදරේ කරපු බැදීමක් තමයි.. Vmin..ඔව්.. ඒක හරි ලස්සන bromance එකක්..

( මන් කිව්ව මොනා හරි වැරැදි ද..?? 🗡️ )

" මේ අහපන්කෝ.. උබ දැන් කරන්න ඕනි වෙන කිසි දෙයක් නෙවෙයි... පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරපන්.. කෙලින්ම ගිහින් ඒ කෙල්ලට කතා කරපන්.. හරි.. ඒ කෙල්ලගෙන් අහපන්.. උබට තියෙන ප්‍රශ්න.. ඊට පස්සෙ එයා දෙන උත්තරත් එක්ක අනිත් හැමදේම හිතපන්.. පස්සෙ ඕනි නම් අනුත් එක්කත් කතා කරපන්.. ආ.. ඔච්චර sensitive වෙන්නෙපා.. තමන්ට ඕනි දෙයක් තියනවා ලබා ගනින්.. මන් කියන්නෙ නෑ ඒක නරකින් කරපන් කියලා.. ඒ වුනත් කෙලින් කරපන්.."

ටේ හ්‍යුන්ට කියන්න වචන ඉතුරු වෙලා නෑ දැන්.. ජිමින්ගෙන් දැනුනු වචන ටික නිසාද.. අහින්සා නිසාද ඇස් වලට කදුලු ආවේ කියලා ඇත්තටම හිතා ගන්න බැරිවුනා.

ජිමින් තාම කියවනවා. එයාට දරා ගන්න බෑ ටේ හ්‍යුන්ගෙ විකාර හැසිරීම. ඇත්තටම ඒ වෙලාවෙ ටේ හිටියෙ තමන්ගෙ කෙල්ල නැතිවුනා වගේ හැහීමකින්මයි.. යාලුවෙලාවත්.. අඩුම තරමේ කතා කරපුවත් නැති අහින්සා..

වෙලාව ගියා.. එහෙමම.. තත්පරෙන් තත්පරේ.. විනාඩියෙන් විනාඩිය.. වෙලාව යන්න ගියා.. ආපහු ගන්න බැරි විදිහට.. ආපහු ඒ මොහොත එන්නෙ නැති විදිහට..

එක පාරටම ටේ හීන ලෝකෙන් එලියට බැස්සා.. ඔව්.. එයාගෙ මූනෙන් පෙනුනේ එයා ලොකුම ලොකු තීරනයක් අරන් කියල..

" ජිමින්.."

" කියපන්.."

" ඕනිම දේකට මට උදවු කරනවා ද උබ..??"

" උබ ඔය මොකක්ද කරන්න යන්නෙ.. වැරදි නැති ඕනිම දේකට මන් ඉන්නවා උබත් එක්ක.."

" හරි.. මන් කෙලින්ම කෙල්ලව හම්බෙනවා.. ඊටපස්සෙ ඉතුරු ටික බලා ගන්නම්.. මන් මට දෙයක් ඕනි වුනා නම් නිකන්ම අත ඇරලා දාල යන්නෙ නෑ.. ඔව්.. අහින්සා මගේ.."

ජිමින් දිහා එක එල්ලෙ බලන් එහෙම කියපු ටේ හ්‍යුන් recording room එකේ දොරත් ඇරන් එලියට ගියා.. ජිමින්ගේ මූනෙ හීන් හිනාවක් ඇදුනේ ටේගේ ඒ ශක්තිමත් තීරනේ ගැන දැනුනු සතුට නිසාමයි..

WINTER BEAR | KTH FF | ✔️Onde as histórias ganham vida. Descobre agora