~~~~~~~~~~

" අඩෝ.. ටේ.. දැන් උබ කොහෙද ඔය දුවන්න හදන්නෙ..??"

ජිමින් ඇහුවෙ එකපාරටම නැගිටලා දොර ඇරන් එලියට ගිය ටේගෙන්.

" බලමු.. සමහරවිට අපිට දැන්ම ඒක ඔප්පු කරගන්න පුලුවන් වෙයි.."

ටේ එහෙම කිව්වා. ඒ නිසාම ජිමිනුයි කුකියි දෙන්නමත් ටේට එකතු වුනේ දෙපාරක් හිතන්නෙ නැතුව.

~~~~~~~~~~

කෙල්ල වැඩි වෙලාවක් හිතුවෙ නෑ. මග අරින එක තමයි හොදම වැඩේ කියල එයාට ඉක්මනට තේරුනා. ඒ නිසා වචනයකවත් නොකියා අනිත් පැත්ත හැරිලා ඉක්මනට medical room එකට යන්න තමයි එයා try කලේ.

" අහි.." අනු දිගටම කතා කරනවා.

" අහින්සා.."

කෙල්ල නවතින පාටක් නැති හින්දම කොල්ලත් කෙල්ල පස්සෙන්ම යන්න පටන් ගත්තා.

" අහින්සා මේ අහන්න.."

" අහි.. please.."

" අහි.."

" අහින්සා.. පොඩ්ඩක් මන් කියන දේ අහලා ඉන්න.."

කොච්චර කතා කලත් කෙල්ල එකම එක පාරක්වත් හැරිලා නම් බැලුවෙ නෑ අනුහස් දිහා. බැරිම තැන තමයි අනුහස් අහින්සාගෙ අතින් ඇද්දේ.

.
.
.
.
.
.
.
.
.

එතකොටම තමයි එතනට ටේත් එක්ක ජිමිනුයි කුකියි ආවෙ.. කොල්ලෙක් මේ කෙල්ලගෙ අතින් අල්ලන් ඉන්නවා දැක්කම ටේගෙ ඇස් ගැස්සෙන්න එක විනාඩියක්වත් ගියෙ නෑ. ජිමිනුයි කුකියි දෙන්නා ඉක්මනට බැලුවෙ ටේගේ ඇස් දිහා. ටේ ගැස්සෙනවා දැකපු ජිමින් ටේගෙ අතකින් අල්ල ගත්තා. මේ තුන් දෙනා හිටියේ ඒ දෙන්නගෙ ඇහෙන මානෙ වුනත් English වලින් කියපු දේවල් ඇරෙන්න මොකුත්ම තේරුම් ගන්න මේ තුන් දෙනාට තෙරුම් ගන්න බැරිවුනා.

.
.
.
.
.
.
.
.

" මන් කියන දේ පොඩ්ඩක් අහන්න අහි.. Please.." අනුහස් කිව්වෙ කෙල්ලගෙ අතකින් අල්ලගෙනමයි. ඒත් කෙල්ල තාමත් හිටියෙ අනුට පිටුපාලා. කෙල්ලට ඇඩෙන්න ඔන්න මෙන්න තිබුනෙ.

" Ahi.. Look at me please.."

" අහන්නකො.. මේ ටික අහල ඕනිම දෙයක් ඔයා මට කරන්න.. please.."

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now