' දෙවියනේ.. අහි වගේමයි.. ඒ ෆිගර් එකමයි..'

එහෙම හිතපු කොල්ලා එයා ලගට යන්න හැදුවත් එකපාරටම නැවතුනෙ ඒ මූන දැකලා.

මෙයා අහි වෙන්නෙ කොහොමද.. මෙහෙම දෙයක් වෙන්න බෑනෙ..

ඒ වුනත්.. කොල්ලට ලගට ගිහින් බලන්නම ඕනි වුනා. ඒ නිසා අනුහස් ගිහින් කෙල්ලට කතා කලා.

" අහින්සා.."

අහින්සත් උඩ ගිහින් අනිත් පැත්ත හැරුනෙ තමන්ගෙ ඇත්ත නම කියල කතා කලේ කවුද කියලා බලා ගන්න.

ඒ ඇස් දැක්ක ගමන් කෙල්ල ආපහු උඩ ගිහින් බිම වැටුන කිව්වොත් මන් හරි.. මොකද මන් හොදටම දැක්කා කෙල්ලගෙ ඇස් ගැස්සෙනවා.. ඒ නිසාම වෙන්න ඇති කෙල්ලට තමන් කොහෙද ඉන්නෙ කියන එක, තමන් මෙතනට ආවෙ ඇයි කියන එක, තමන් තමන්ව හන්ගන් ඉන්නෙ කියන එක අමතක වෙන්න ඇත්තෙ.

" අනු.. ඔයා.."

දෙන්නම කටත් ඇරන් දෙන්නා බලන් හිටියා විනාඩි ගානකට වැඩියෙන්.. ඒ වුනත් මුලින්ම සිහියට ආවෙ කෙල්ල..

.
.

කෙල්ලට මතක් වුනා..

අනුහස් දේවින්ද කියන්නෙ කවුද කියලා..

එයත් එක්ක ගෙවපු අතීතෙ මොකක්ද කියලා..

එයා මුලු ජීවිතේම වුන හැටි..

එයා නිසා හිනාවුන හැටි..

එයා නිසා පිස්සුවෙන් වගේ හිනාවුන විදිහ..

ඒ වගේම

.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊට පස්සේ..

එයා නිසා මුලු ජීවිතේම විනාශ වුන විදිහ..

ඔව්..

ලස්සන ජීවිතේ නැතිවුන විදිහ..

ගොඩක් ආදරේ කරපු දේවල් නැති වුන විදිහ..

ඕනිම වුන වෙලාවේ..

ප්‍රශ්නෙන් පැනලා ගිහින් එයාගේ ජීවිතේම අදුරු කරපු විදිහ..

ඒ සේරම දේවල් එක දිගට ඇස් ඉස්සරහ මැවි මැවි පේන්න ගද්දී..

අනුහස් ගැන ඇතිවුන ලෙන්ගතු කමකට වඩා වයිරයක් ඇති වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now