_13th Winter_

Start bij het begin
                                    

දිගටම මේ වැඩේ වෙයිද මන්දා..

මන් කරලා තියෙන කරුමෙ මහත කියන්නේ.. එයාට අතක් උස්සන්න හිතෙන්නෙ නෑනෙ.. ඔව් ඉතින්.. අවුරුදු හතරක ආදරේට අතක් උස්සන්න හිතෙයියැ..

මටත් පිස්සු..

එක්කො කමක් නෑ.. මන් ආදරේ කරපු කෙනා මට බනින්න හරි මාත් එක්ක කතා කරනවා නේ. හැමෝටම එහෙම chance එකක් හම්බෙන්නෙ නෑනෙ.. ඒක නිසා කමක් නෑ..

එහෙමයි කියලා සමාව දෙන්න පුලුවන් ද.. කී‍යටවත් බෑ.. මන් කෙල්ලෙක් නේ. නිකන් බැනුම් අහන්න පුලුවන් ද කොල්ලෙක්ගෙන්..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

පුලුවන්..

බෑ..

රෙද්ද.. හොදටම ඇති මේ විකාරේ..

කටවහගෙන වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නවා.. ආපහු කියන්නෙ නෑ මන්.. ආදරයක් කියලා දෙයක් තියනවා නම් ඒක හිතේ තියන් පැත්තකට වෙලා ඉන්නවා. මොකද ඕවා ඉටුවන හීන නෙවෙයි..

අහින්සා බොහොම අමාරුවෙන් තමයි කටින් කෑ ගහලා මොලෙයි හදවතයි නටපු පිස්සුව නවත්ත ගත්තේ..

~~~~~~~~~~~

" අඩෝ ටේ.. උබට කියන්න දෙයක් තියනවා.."

ඒ ඊලග දවසෙ උදේ.. ජිම්න් ටේ හිටපු recording room එකට ආවේ දෙයක් කියන්න හිතන්. ඒ වෙලාවෙ කොල්ලා හිටියේ සින්දුවක් ලියන ගමන්..

" ඕ.. වරෙන් ජිමින්.. උබ එලියට ගිහින් ඉක්මනට ඇවිත්නේ.. මන් ඒ පැත්තට ආවෙ නැත්තෙ උබ තාම ඇවිත් නැතුව ඇති කියලා හිතන්.." ටේ අතේ තිබුන පෑනත් පැත්තකින් තියලා ලොකු කතාවකට ලෑස්ති වුනා.

" කලින් ආවා බන්.. මෙහෙ වැඩ ගොඩ ගැහිල.."

" දුක තමා ඉතින්.. මැරෙන්න ද බන්.. මොකක්ද කියන්න තියන්නෙ උබට..??"

" ආ.. ඒක නිකන් ගෙස් එකක් විතරයි ටේ.."

" මොකක් ගැන ද බන් උබ ඔච්චර උවමනාවෙන් ගෙස් කරන්නෙ..??"

WINTER BEAR | KTH FF | ✔️Waar verhalen tot leven komen. Ontdek het nu