නෑ..

ඉතින් ඇත්තනේ කීවේ.. එයාගේ කෙල්ල කියලා මට සැර දාලා හරියනවද.. අහින්සා හිතුවේ එහෙම..

එකට එක කියන්නවත් ටේ සිහියෙන් නෙවෙයි හිටියේ.. එච්චරටම ඒ ඇස් කොල්ලව ගස්සලා තිබුණේ.

~~~~~~~~~~

Practise ඉවර වෙලා Dorm එකට ගිය ටේ හ්යුන් තාමත් ඉන්නේ මේ ලෝකේ නෙවෙයි.

එක දවසක ඇස් දෙකක්..
අනිත් දවසේ මාලයක්..
අනිත් දවසේ ලස්සන හිනාවක්..

මන්දා..

හරි ලස්සනයි ඒ ආදරේ..

කොහොමත් ඈත ඉඳන් කරන ආදරේ ගොඩාක් ලස්සනයි..

ඒකපාර්ශ්වික ආදරේ ඊටත් වඩා ලස්සනයි..

ඒ අහම්බෙන් වෙන විදිහ නෙවෙයි..

දෛවයේ ලියවිලා තියෙන විදිහ..

_Kim Tae Hyung_

' ඇයි මට හිතෙන්නෙම එයාව දැකලා පුරුදුයි කියලා. එයාගේ මුණේ තිබ්බ rash එක.. ඒක ගොඩක් තද පෑරුමක් නිසා එයාගේ මූණ හරි කැතට පේන්නේ.. ඉතින් අර girl මාර ලස්සනයිනේ.. අපේ රටේ තරම් සුදු නැති වුනත් මාර ලස්සන skin colour එකක් එයාට තිබුනේ. ඉතින් කීයටවත් ඒ girl වෙන්න බෑනේ.

දෙවියනේ..

' අහින්සා ඔයා නිසා මට පිස්සු හැදිලා නවතින්නේ.. ඉන්න තැනක් විතරක් මට කියන්නකෝ. මන් ඔයාව කොහොම හරි හොයන් එන්නම්..

හැබැයි මන් ඔයාව හොයා ගත්තු දවසට නම් මාව හෙවුවෙ නැති එකට ඔයාට දුක හිතෙයි කෙල්ලේ.. වදෙන් බේරෙන්න බැරිවුනාම '

ටේ තනියම ඒ ලස්සන මාලෙත් එක්ක කතාව..

අහින්සා..

ඒ නම විතරයි එයාගෙ හිතේ තිබුනේ..

~~~~~~~~~~

ලෝක ප්‍රසිද්ධ BTS ගායක කිම් ටේ හ්යුන් ඉපදිලා තියන්නෙ මාව කන්න ද..??

එදා හොස්පිටල් එකේදි කොච්චර බැන්නද..?? පස්සෙ මට Heartattack හදවන්නත් ගියා විකාරයක් කරලා.

දැන් මෙතනත් එයා කරන්නෙ මට බනින එක විතරයි. එක්කො එයාට පිස්සු.. නැත්නම් මාත් එක්ක පවුද්ගලික තරහක් තියනවා. නැත්නම් ඒ විදිහට මාව කන්න හදන්නෙ නෑනෙ..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now