*ඔයාගේ නම මොකද්ද කියලා මතකද ඔයාට

කෙල්ල ඩොක්ටර් අහද්දි ඔලුව වැනුවා ඔව් කියලා.

*කියන්න නම

🥀ම්ම්ම් එමී

*සම්පූර්ණ නම

🥀එමී........එමී.........ම්ම්ම්

*හරි ඔයාට පවුලේ කවුද ඉන්නේ?ඔයා මැරීඩ් ද

ඒ ටිකට එමීගේ කටින් උත්තර පිට වෙනකන් ජින් බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්

🥀ඔම්මා........අප්පා........ම්ම්ම් මන් මැරීඩ්

*කාවද මැරි කරලා ඉන්නේ

එමී ජින් දිහා එබිලා බලලා ටිකක් වෙලා කල්පනා කරත් ඒකට එමීගෙන් උත්තරයක් හම්බුනේ නෑ.ජින් එතනින් කූකිවත් දාලා එලියට ආවේ කදුලු පිරුනු ඇස් වලින්

🐼ශිට්.......ඇයි.....මටම

ජින්ගේ ඉස්සරහට ආව දෙතුන් දෙනෙක්ගෙම ඇගේ හැප්පිලා ගියත් ජින්ට ඒ මිනිස්සුන්ට සොරි කියන්නවත් ගානක් නෑ.කූකි කෑ ගගහා පස්සෙන් ආවත් ජින් එතන තිබ්බ කැබ් එක්කට නැගලා ගියා.

............

🐰ඩොක්ටර් එමීව දැන් ගෙදර එක්කන් යන්න පුලුවන්ද?

*පුලුවන්...එයාට පොඩි පොඩි දේවල් ටිකක් විතරයි අමතක.....ඒක බලෙන් මතක් කරලා දෙන්න යන්න එපා.ටික කාලයක් යද්දි එයාට මතකේ එයි සමහරවිට ......අපි දිගටම ට්‍රීට්මන්ට්ස් කරමුකෝ.

කූකි හොස්පිට්ල් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා එමීගේ ටිකට් කපාගෙන අරගෙන ආවේ ජින්ගේ ඩෝර්ම් එකට...එමී හැම දෙයක් ගැනම පුදුමෙකින් සැකේකින් බැලුවේ.එයාට ඒ කිසි දෙයක් ගැන මතකයක් තිබ්බේ නෑ.........ඒත් ඒ දකින දේවල් මොනවද දකින අය කවුද කියලා එමී කල්පනා කරා..........

ඒ වෙද්දි ජින් ගෙදර තිබ්බ වටිනාම බඩු හතර පහකටම කෑලි කෑලි වෙන්නම වග කියලා තිබ්බා.....ජින්ගේ අතේ කැපුම් පාරවල් දෙක තුනකුත් තිබ්බා.......විස්කි බෝතලේ දකිද්දිම කූකිට හිතා ගන්න පුලුවන් උනා ජින් හොදටම බීලා කියලා.......ඒ ළගටම වෙලා අනිත් කොල්ලෝ හැමෝම ඉන්නවා දැක්ක කූකි සැනසුම් සුසුමක් හෙලුවා...

🐥කූකියා........එමී ඔයා ආවද

එමී මේ හැම කෙනෙක් දිහාම මාරුවෙන් මාරුවට බැලුවා....ඒ අතර දුවගෙන ඇවිත් ඇගේ දැවටුනු ජිනී දිහා එමී ටික වෙලාවක් බලාගෙන ඉදලා කම්මුලක් අත ගෑවේ නිකන් ලාවට පුරුදු ගතියක් ඒ පැටියගෙන් දැනුනු නිසයි........කූකි එමීව ජින්ගේ රූම් එකට දාලා ආවේ ජින් එක්කන් කතා කරන්න

My CEO || KSJ(Completed)Where stories live. Discover now