My CEO-PART 18

2.4K 452 25
                                    

My CEO
Part 18

🐨අපි හැමෝම ඇටෑක් එකක් බලාපොරොත්තු උනා........ඒත් මෙහෙම දෙයක් හීනෙන්වත් බලාපොරොත්තු උනේ නෑ

නම්ජූන් සුගා දෙන්නා කියද්දි කූකිට තවත් අසරණ කමක් විතරයි දැනුනේ......ඒක ඇහුව වෙලාවේ කූකිට දැනුනේ නිකන් පොල්ලකින් කවුරුහරි ඔලුවට ගහුවා වගේ හැගීමක්..............කූකිට හිතුනේ කාලේ ආපස්සට හරවන්න තිබුනනම් කියලා..........

🐰ඔ.........ඔයාලට.........මට.....දැනගත්ත වෙලාවෙම කියන්න තිබුනා........එහෙනම් මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ..........එහෙනම්........මන් මීටින්ග් රූම් එකේදි එමී එක්කන්වත් ජින් එක්කන්වත් රණ්ඩු කරන්නේ නෑ...............එහෙනම්.........මේ කාටවත් අද වගේ දුක් වෙන්න ඕනේ නෑ මන් විතරක් තනියම විදවන්න තිබ්බ දෙයක් මේක.......

කූකී ඔහේ මලානිකව කියෙව්වේ අඩලා අඩලා කොල්ලා හෙම්බත් වෙලා හිටිය නිසා.....කොල්ලට අඩන්න කදුලු තිබ්බෙත් නෑ.ඒ වෙනුවට ඉකි ගගහා අඩපු එකේ ගැස්ම විතරක් කූකිට ඇග ඇතුලෙන් දැනුනා..............පැයක් යන්න කලින් හැම දේම කනපිට හැරුන විදිහ කූකි මතක් කරේ වේදනාවෙන්.

🐱දැන් ඕවා කතා කරලා වැඩක් නෑ කූකියා.දැන් දන්නවනේ......දැන් අපි කරන්න ඕනේ අපේ උන් දෙන්නා ටිකක් ඔලුව උස්සනකන් නිකේල්ගෙනුයි ලුලීගෙනුයි එන ඇටෑක් නවත්තලා දාන එක......

සුගා කියපු දේට හැමෝම ඔලුව වැනුවත් කූකිට ඕනේ උනේ ලිලීව ඒ අත් වලින්ම මරලා දාන්න........තමන්ට පන වගේ තමන් පන වගේ ආදරේ කරපු දෙන්නෙක් අද ඇදක් උඩ ජීවිතෙත් මරණෙත් අතර සටන් කරන්නේ ලිලී නිසා කියන තිත්ත ඇත්‍ත කූකිගේ ඔලුවට නිතරම වදයක් උනා.හිටිය තැනින් එක පාරටම අනිත් පැත්ත හැරිලා කූකි යන්න යද්දි හොබී කූකිගේ අතකින් අල්ලගෙන නැවැත්තුවා

🐴කොහෙද උබ යන්නේ

🐰ලිලී තවත් ජීවත් වෙන එකෙන් වෙන්නේ මගේ අර ඇදක් උඩ පන අදින උන් දෙන්නට තවත් කරදරයක් විතරයි......යන්න දෙන්න.......මට මේකවත් කරන්න දෙන්න

කූකිගේ මනසේ හරි ලස්සනට චිත්‍රයක් වගේ කූකිගෙයි ලිලීගෙයි පසුගිය සිදුවීම් ඇදිලා තිබුනා.ලිලී හොස්පිට්ල් එකේ ඉන්නවා කියලා කිව්වත් හොස්පිට්ල් එකේදි කූකිට ලිලීව හම්බුනේ අතේ ඇගිලි ගානටත් අඩු වාර ගානකදි ...ලිලීගේ ෆෝන් එකට හැමදාම එන කෝල්ස්..........ලිලී හිටි ගමන් කලබල වෙලා හොස්පිට්ල් එකට යනවා කියලා දුවන විදිහ මේ හැමදේම කූකිට මතක් උනා..............ඒත් එක්කන්ම කූකිට මතක් උනේ අද ලිලීව ඩෝර්ම් එකට ගිහින් දැම්මේ කූකිමයි කියන එක........

My CEO || KSJ(Completed)Where stories live. Discover now