🐼කන පලාගන්නේ නැතුව ඇග වැහෙන්න ඇදුමක් දාගෙන වර ගිහින්

ජින් තරහින්ම එහෙම කියද්දි මන් එයාගේ වචනෙට මෙල්ල වෙලා රූම් එකට ගියේ ඇදුමක් දාගන්න.....

දහය වෙලාත් ජින් නැති නිසා මන් එයාලා හිටිය පැත්තට ගියේ හිමින් අඩි තියලා.......මන් එනවා දැක්ක ජින් හිමීට එතනින් නැගිටලා ආවා...

🐼ඌ ඩවුන්.අපේ උන් ඇවිත් ඉන්නේ.කිචන් එකේ දොර අරින්න හිමීට

ජින් රහසින් වගේ මට ලන් වෙලා කියද්දි මන් නිකේල් දිහා එබිලා බැලුවත් ඒත් එක්කන්ම ජින් ආයේම රතු කරගත්තු ඇස් වලින් මගේ කට දෙපැත්තෙන් අල්ලගද්දි මන් මගේ අතින් මගේ කට වහ ගත්තා......

🐼පලයන් මැරුම් නොකා

ආහ් මේ මනුස්සයා මට තේරුම් ගන්න බෑ.....මන් හිමීට කිචන් එකේ දොර අරිද්දි ජිමින් යොවා එක්කන් එද්දි සුගාත් පිටිපස්සෙන් ආවා......මන් අතින් උඩ දෙවනි රූම් එක පෙන්නද්දි යොවා ඉස්සර උනා......ජින් ආයේම නිකේල් ඉන්න තැන හිටගත්තේ නිකේල් බැරි වෙලාවත් නැගිට්ටොත් කියලා වෙන්න ඇති.මන් ජින් දිහා එක පාරක්වත් බලන්නේ නැතුව පැටියා හිටිය රූම් එක පැත්තට ගියේ නිකේල්ගේ රූම් එකෙන් නිකේල් නැති වෙලාවේ ගත්ත යතුරත් එක්කන්......මන් ජිමින්ට යතුර දීලා එතනින් මෙහාට උනේ කවුරුත් එනවද බලන්න.ජිමින් සද්දේ ඇහෙන්නේ නැති තරම් හිමීට දොර අරිද්දි යොවා ගිහින් අර අතටවත් අහු වෙන්නේ නැති පැටියාව හරහට අරගෙන ආවා.......ජිමින් ඉස්සර වෙද්දි යොවා මැදින් පැටියව අරන් යද්දි සුගා එයාලා පිටිපස්සෙන් යද්දි මන් රූම් එකේ දොර ලොක් කරලා ආයම කී එක තිබ්බ තැනින්ම නිකේල්ගේ රූම් එකේ තිබ්බා......ඊට පස්සේ ඉක්මන් අඩි තියලා මන් අර කට්ටිය ගිය පැත්තට දිව්වේ එයාලාව පරිස්සමින් යනවා දකින්න ඕනේ නිසා...ඒත් මන් යද්දිම අර වෙනදා එන ගෑනු කෙනා ගාඩ්න් එකේ ඉදලා සුගා එහෙම යනවා දැකලා කෑ ගහන්න කට අරිද්දිම මන් පිටිපස්සෙන් ගිහින් ඒ ගෑනු කෙනාගේ කට වැහුවා.

*ම්ම්ම් ම්ම්ම්..ම්......

🥀ජීවිතේට ආසයිනම් දගලන්නේ නතුව හිටපන්.

මන් ඒ ගෑනු කෙනාගේ බෙල්ල අනිත් පැත්තට හරවලා කඩලා දැම්මේ මේ වගේ ගෑනු මේ ලෝකෙන් ගියාට කමක් නෑ කියලා හිත හදාගෙන.ගෑනිගේ බොඩි එකත් සුගාලා ආව වෙහිකල් එකේම දාලා යැව්වේ අර මෝරු ටිකවත් බඩ පුරවගයිනේ කියලා හිතලා.මෝරු මතක් වෙද්දිත් මගේ ඇගේ හිරිගඩු පිපුනා.....

My CEO || KSJ(Completed)Where stories live. Discover now