නිකේල්.එයා කොරියාවේ කෙනෙක්නම් නෙවේ.ඒ උනාට මෙහෙ ටොප් ටෙන් වල ඉන්න බිස්නස්මන් කෙනෙක්.මන් තාම දන්නේ නෑ ඇයි මටම කැමති උනේ කියලා.මේ මැරේජ් එක ගැන මට කිසිම අදහසක් තිබුනේ නෑ.............ඒත් අප්පාට බෑ කියන්න බැරි නිසාම මන් මැරේජ් එකට කැමති උනා.

ජීවිතේටම එක පාරක්වත් දැකලා නැති මනුස්සයෙක් එක්කන් කොහොම ජීවත් වෙන්නද.ඔම්මාගේ කෑ ගැහිල්ලට මගේ කල්පනාව වීදුරුවක් වගේ බිදිලා ගියා.

🥀ඇයි ඔම්මා

*අප්පාට ඔයාට කතා කරන්න ඕනේලු.පහලට එන්න

🥀හ්ම්

මගේ ජීවිතේම උගසට තිබ්බත් එයාලා මට ආදරෙයි.එයාලාට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ කියලා දන්න නිසාම මන් එයාලට වෛර කරේ නෑ.ඇස් වලින් ගලන කදුලු පිටි අත්ලෙන් පිහින ගමන් මන් පහලට ගියා.

🥀අප්පා

පුටුවට බර දීලා තිබුනු අප්පගේ මූනේ හිනාවක් නැති තරම්.වෙනදට ආඩම්බරෙන් හිනා වෙන ඇස් අද මලානික වෙලා.මගේ මැරේජ් එකට එයාලා දුක් වෙනවා කියන්න හේතු ඕනේවටත් වඩා ඒ මූනේ ලියවිලා තිබුනා.

*මට සමාවෙන්න දුවේ මන් හිතුවේ නෑ අපි නි......

මන් අප්පා කියාගෙන ගිය ටික සම්පූර්ණ කරන්න දුන්නේ නෑ

🥀අප්පා ආය ඔය කතා කියන්න එපා.මන් මැරේජ් එක ගැන සතුටින් ඉන්නෙ...මටත් මෙච්චර දුරට ඉගෙනගෙන ගෙදර ඉන්න බෑනේ.මටත් පුලුවන් එයාගේ බිස්නස් වලට ඉන්වෝල් වෙන්න

හිතේ දශමෙකවත් සතුටක් නැති උනත් මන් එයාලා ඉස්සරහා ලස්සන හිනාවකින් එහෙම කිව්වේ ඒ අසරන හිත් හදන එක මගේ වගකීම නිසා.

එක පාරක් හරි නොදැකපු කෙනෙක් මගේ අත ගන්නවා තව දවස් දෙකකින්......සුදු පිම්බුනු වෙස්ටර්න් ෆ්‍රොක් එක දිගේ මන් මගේ ඇගිලි තුඩු යැව්වේ සුසුමක් පිට කරමින්....

🥀හ්ම්ම්ම්.......මගේ දෛවය මාත් එක්කන් සෙල්ලම් කරනවා.

මට හිතුනේම එච්චරයි........වෙඩින් එකට කලින් දවසේ රෑ මන් බැල්කනි එකට වෙලා හිටියේ පාන්දර දෙකත් පහු වේගන යද්දි.......මුලු රෑම ඇහැරිලා හිටිය මගේ ඇස් නින්දක්නම් පැතුවේ නැති පාටයි.......හීනෙන්වත් නොහිතුව දේවල් ජීවිතේ කනපිට පෙරලද්දි කවදාමහරි දවසක ආදරේ කරන මගේ සිහින කුමාරයා මාව හොයාගෙන එයි කියන බලාපොරොත්තුව අහසේ තියන වලාකුලක් වගේ පාවෙලා ගියා.

My CEO || KSJ(Completed)Where stories live. Discover now