" ඔයා අපිට ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාට මේ අවස්ථාව දෙන්න මන් තීරණය කළා.." ඒ ගමන Doctor Park කිව්වේ ලියුමක් දෙන ගමන්.

" හරි මන් ඒක පස්සේ බලන්නම්. එතකොට මන් මෙහෙ ආපහු වැඩට එන්න ඕනි නැහැනේ.. එහෙනම් කුමොස්මිදා.. මෙච්චර කල් මෙහෙ වැඩ කරන්න දුන්නාට"

කනට ගහන්න වගේ සැරෙන් ඒක කියපු අහින්සා Doctor Park ට ආචාර කරලා ඒ ලියුමත් අරන් එළියට ආවා. අන්තිම පාරට කෙල්ලගේ Office Room එකට ගියේ Hand Bag එක අරන් එන්න හිතන්.

" Nurse Iyun.. එහෙනම් හොදට වැඩ ටික කරන් යන්න හොඳද.. මන් නැහැ කියලා නෑ.. ඔයා කලින් වගේම පිළිවෙලට වැඩ සේරම කරන්න.. මොකද ඔයාගේ සාත්තු නිසාම බෙහෙත් නැතුවත් ගොඩාක් අයට හොඳ වෙලා තියනවා"

අහින්සා කිව්වේ Iyun ගේ කඳුළු පිරිච්ච ඇස් දෙක දිහා බලන් ඔලුව අත ගාලා.. මොනවා වුනත් කොරියාවට ඇවිත් base Hospital එකේ වැඩට ආපු සති කිහිපය ඇතුළත තමන්ගේම කෙනෙක් වගේ තමයි Iyun අහින්සට උදව් කලේ. මේ සිද්ධිය නිසා Iyun ගොඩාක් දුකෙන් හිටියේ. ඒ දුකේ විදිහටම එයා හිතින් වූ බීන්ට වෛර කරන්නත් පටන් ගත්තා. අහින්සා Doctor කෙනෙක් නෙවෙයි Specialist කෙනෙක් වෙලත් Iyun ට සැලකුවේ කෙල්ලගේ තැනටම දාගෙන. Nurse කියලා පහළ මට්ටමින් කවමදාවත් කතා කරලා තිබ්බේ නෑ.

මොන දේ වුනත් අහින්සට ගොඩාක් අමාරු වුණේ Iyun ගෙන් සමුගන්න විතරයි. කෙල්ල පිස්සෙක් වගේ අහිංසාව බදා ගෙන ඇඬුවා. ඒ කඳුළු දැකපු අහින්සටත් ඇඬෙන්න ආවේ නැත්තේම නෑ.

~~~~~~~~~~

" මන් කිව්වනේ මට නෙවෙයි තමුසෙට තමයි පසු තැවෙන්නේ වෙන්නේ කියලා.." ලිෆ්ට් එකට නගින තැන හිටපු වූ බින් කිව්වේ හරිම කැත විදිහට.

" ඔයා එහෙම දෙයක් කිව්වද කියල මට මතක නෑනේ.." අහිංසා කිව්වේ වූ බින්ව එකපාරින්ම කපලා දාලා.

( බින්.. වට් ද.. 🙂 )

" එහෙමද.?? තමුන්ට ඉතින් මතක තියා ගන්න වෙන දේවල් තියනවනේ නේද..? කමක් නෑ... මේ හොස්පිටල් එකෙන් ගියාට පස්සේ තමුන්ට සල්ලි නැතුව එක දිගට විඳවන්න වෙයි. අඩුම තරමේ කාඩ් එකක්වත් නැතුව.."

" ඔයා ඇයි ඔහොම කියවන්නේ කියලා නම් මට තේරෙන්නේ නෑ. ඒත් මට පේන්නේ දැන් නම් ඔයා පසුතැවිලි වෙනවද කොහෙද.. කවුද දන්නවද මට ඒක කිව්වේ.. ඔයාගේ ඔය දනිස්ස ළඟින් දාලා තියන ලොකුම ලොකු ප්ලාස්ටර් එක. අනේ මන්දා.. මම නම් මේ හොස්පිටල් එකෙන් යයි. ඒත් මට උපාධිය ලැබුණේ මෙතනින් නෙවේනෙ. ඒක නිසා ජොබ් එකට අවුලක් වෙන්නේ නෑ. හැබැයි ඉස්සරහටවත් කෙල්ලගෙන් ගුටි නොකා ඉන්න බලන්න. මොකද කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ගුටි කනවා කියන්නේ මේ ලෝකේ තියෙන ලැජ්ජා නැති දෙයක්. තේරුණා ද Doctor Park Woo Bin..?"

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now