" ටේ.." ජිමින් ආයෙත් කතා කළා. ඒත් ඇහුනේ නම් නෑ.

" ටේ හ්යුන්.. මන් උබට මේ කතා කරන්නේ.."

ඒ පාර නම් ජීමින් මුළු dorm එකම දෙවනත් වෙන්න කෑ ගැහුවා. ඒ සද්දේට කුකිත් එතනට කඩා පාත් වුණේ වර්තමාන සිද්ධියට හොට දාන්න ඕනි නිසා.

" ආ ජීමින්.. ඇයි බං.." ටේ ඇහුවේ උඩ ගිහින්.

" ආ බං.. මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ.. අපිටත් කියපන් වෙලා තියන සිද්ධිය.. ඇයි යකඩෝ.. ඒක දැන ගන්න සාධාරණ අයිතියක් අපිටත් තියනවා.."

" මොනා ගැනද බං කියන්නේ.." ටේගේ මීටරෙට තාම වැටිලා නෑ වගේ.

" හොස්පිටල් එකේ ලොකු දෙයක් වෙලා වගේ මට නම් පේන්නේ.. නේද කුකියෝ.."

" මාත් ආවේ ඕක හොයා ගන්න තමයි.. ආපු වෙලේ ඉඳන් ඉන්නේ මනෝ ලෝකේ.. කවුද ඔය අහවල් එක හොරකම් කරන් ගිය කෙනා. විශේෂයෙන්ම මෙයා වගේ රාස්සයෙක්ගේ.."

ජන්කුක් කිව්වේ ජීමින්ට ඇහැකුත් ගහලා. වැඩේ කියන්නේ ටේට ඒත් මොලේට ආවේ නෑ සීන් එක. මොලේට ආවේ නෑ නෙවෙයි. හිටියේ වෙන ලෝකෙක..

දැන් නම් හරි යන්නේ නෑ.. මේ ලෝකේ නෙවෙයිනේ මේකා ඉන්නේ. විනාඩියක් ගියේ නෑ. අයිස් වතුර එකකින් ටේව නෑවිලා ගියා.

ඒ වැඩේ සම්පූර්ණ අයිතිය ජොන් ජන්කුක්ගේ..

( Background Music plzz 🙂 )

මට තියන ලොකුම දුක තමයි එච්චර වතුර පාරක් කාලත් මේකා හිටියේ මේ ලෝකේ නොවන එක.. ජිමින්ගෙ ඇස් වල තිබ්බෙ එහෙම කතාවක්..

දැන් නම් කොල්ලො දෙන්නට පුදුමයි.

මෙච්චර දෙයක් වෙලත් මොකුත් නොකියා කොන්ඩෙත් ගස ගසා කාමරේට යන ටේ දිහා ජිකුක් ඩබල බලන් හිටියේ කටත් ඇරගෙන.

" අරයට මොකක් වෙලා ද බනියෝ..?"

" ඒ තමයි හ්යුන්.. හොල්මනක්වත් දැකලද කොහෙද.."

" දැකලා තියන හොල්මන නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයිද කොහෙද.." ජිමින් කිව්වේ නක්කලෙට හිනා වෙලා.

( වට් ඊස් මීනින්ග් ඔෆ් නක්කලේ 🙂😂)

" මාත් ඒකට නම් එකඟයි හ්යුන්.. දාමුද පොඩි CID පාරක්.. මොකෝ කියන්නේ..?"

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now