_07th Winter_

Magsimula sa umpisa
                                    

මාස්ක් එක දාලා තිබුන මුණේ තිබ්බ ආඩම්බරකම..

කෙල්ලට ඕනි වුණා ආපහු දකින්න..

ඒක නිසාමයි හැරිලා බැලුවේ කොල්ලා පිටුපාලා යන දිහා..

දිග කාලෙකට වෙන් වෙන්න නොවුනත් ආත්මීය ආදරේක පළමු හමුවීමේ අවසානය වෙලාවේ ආපහු ඒ ඇස් හතර පැටලුනා..

ඒත් පොඩි වෙලාවකට..

( දැන් ඇති මේ විචාරේ..🤧 හච්චුස්ස්🤧)


~~~~~~~~~~~

" Doctor Ahi.. මොකද මේ..??" ඒ nurse Iyun. 

මෙච්චර වෙලා හීන ලෝකෙක හිටිය අහිංසා මේ ලෝකෙට ආවේ ඒ වෙලාවේ.. වැඩිය නෙවෙයි.. කෙල්ල 23 පාරක් ලිෆ්ට් එකේ උඩටයි පහළටයි ගිහිල්ලා.. සැපට වාඩිවෙලා. හොඳ වෙලාවට කවුරුත් නෑග්ගේ නැත්තේ.. විලි ලැජ්ජාවයි එහෙම වුණා නම්.. ඇයි යකෝ.. Hospital එකේ ලොකුම Doctors ලගෙන් එක්කෙනෙක් ලිෆ්ට් එකේ වාඩි වෙලා යනවා දැක්කා නම්..

ශික්..

( ඊයා නේ 🙂)

" මේකයි.. මන් කවුද කියලා ඔයා දැන ගන්න ඕනි නෑ. මන් මෙහෙම පවුද්ගලිකව හම්බ වුණා කියලා වෙන කවුරුත් දැන ගන්නත් බෑ. අද මේ විනාඩි ගානට වුණ සිද්ධිය ඔයා අමතක කරනවා නම් මන් කැමතියි.."

ටේ හ්‍යුන් කියපු මේ කතාව තාමත් කෙල්ලගේ ඔලුවෙ හොල්මන් කරනවා. එහෙම අමතක කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ විදිහට හම්බ වුණේ..

ඒ කොහොම වුනත් අන්තිමට අහින්සා එක දෙයක් තේරුම් ගත්තා.. ඒ තමයි ටේ හ්යුන් දන්නේ නෑ කෙල්ල එයාව එක පාරීන්ම අඳුර ගත්තා කියලා.

' කමක් නෑ.. '

එහෙම හිතුවත් කෙල්ලට ඒ සිද්ධිය නම් අමතක කරන්න බැරිවුණා.

~~~~~~~~~~

" ඊයේ හොස්පිටල් ගිහින් ආව වෙලේ ඉඳන් මෙයා ඉන්නේ ගලක් ගිලලා වගේනේ.. මොකද ටේ.. එහේ හිටපු Doctor කෙනෙක් ඔයාට බෙහෙතක්වත් විද්දද..??"

ජිමින් ඇහුවේ මෙච්චර වෙලා කොල්ලා දිහා බලන් ඉඳලා..

ජීමින් එහෙම ඇහුවත් ටේට ඒක ඇහුනෙ නෑ. කොල්ලා හිටියේ ජී හීගෙයි, අහින්සාගෙයි ලෝක දෙකේම අතරමන් වෙලා. ඒත් වැඩියෙන්ම හිත දිව්වෙ නම් අහින්සාගේ පැත්තට කියලා ටේගේ හිත ඒ වෙනකොටත් පිළි අරන් හිටියේ.

WINTER BEAR | KTH FF | ✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon