~~~~~~~~~~

ටේ හ්යුන් මේ දවස් ටිකේම හිටියේ ගොඩාක් අවුලෙන්. ඒකට හේතුව තමයි එදා කෝල් එක. ඒත් තේහ්‍යුන් දැන් ගොඩක් ශක්තිමත්.

එදා කතා කළේ තේහ්‍යුන්ගේ අප්පා..

" ලොකු පුතා.. මන් අප්පා කතා කරන්නේ.. පුතා වැඩක ද?"

" නෑ අප්පා කියන්න.."

" පුතා කලබල වෙන්න එපා. ඔයාගේ ඔම්මට ටිකක් අසනීපයි මේ දවස් වල.."

" අනේ අප්පා.. මොකද වුණේ.. ඔම්මට මොනාද වෙලා තියන්නේ.." තේහ්‍යුන්ට ගොඩාක් දුක හිතුනා මේ කතාව අහලා.

" නෑ නෑ පුතා.. ඔයා බය වෙන්න ඕනි නෑ. පොඩි කලාන්ත ගතියක් විතරයි. ඔයාට ඉතින් මතක් කරන්න ඕනිනේ පුතා.. ඒකයි කතා කළේ. ඔයා කලබල වෙන්නේ නැතුව වැඩ ටික කර ගන්නකෝ.." අප්පා එහෙම කිව්වම තමයි තේහ්‍යුන් හොඳ හුස්මක් ගත්තේ.

ගිය අවුරුද්දෙන් පස්සේ ඔම්මලාව බලන්න යන්න තේහ්‍යුන්ට වෙලාවක් තිබ්බෙම නෑ වැඩ ගොඩ ගැහිලා තිබබ නිසා. එයාට පොඩි දුකක් දැනුනත් ලබන සතියේ යනවා කියලා හිත හදා ගත්තා.

~~~~~~~~~

දැන් ටේ හ්යුන්ට ජීහී නැතුවම බෑ වගේ. Bighit එකේදි ජීහී කොතනද එතන ටේත් හිටියා. කොහොමින් කොහොමින් හරි ටේහ්‍යුන්ගේ Soulmate කොල්ලා නම් සීන් එක දැන ගත්තා.

( හෝ හෝ.. ළමයි..වරදවා තේරුම් ගන්න එපා. තාම කොල්ලා විතරයි පස්සෙන් යන්නේ..)

ජීමින් මේක අහලා පුදුම වුණා. ටේට මේ වගේ girl කෙනෙකුට වඩා ඩීසන්ට් කෙල්ලෙක් තමයි ගැලපෙන්නේ කියන එක හැමෝම දැනගෙන හිටියා. අනිත් එක ටේ කැමති වෙන්න හිටියෙත් මේ වගේ කෙල්ලෙකුට නෙවෙයි කියලත් ජීමින් දැනගෙන හිටියා.

" උබ දැන් සිරාවටමද කොල්ලො ජිහී පස්සෙන් යන්නේ..??" ජීමින් ඇහුවේ තේහ්‍යුන්ගේ කරට අතක් දා ගෙන.

" අනේ මන්දා.."

" ටික දවසක් ඔහොම යන්කෝ.. උබටම තේරෙයි.. "

ජීමින් ඕක හැමතැනම පතුරවන්න ගියේ නෑ. කොල්ලත් ජීහී යන හැම තැනම ගියා. Seoul වල නෙවෙයි. Bighit එක ඇතුලේ. අනේ මන්දා..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now