" උබ කටක් හරි කාපන්. දන්නවනේ.. උබ කෑවේ නැතොත් මටත් කන්න බෑනේ.. ඉඳපන්.. මන් හැන්දකින් හරි කවන්නම්.. කටක් හරි කාල වතුර බීපන්.. මන් කුල් දෙයක් ගෙනත් දෙන්නම්.."

එයා එහෙම කිව්වේ බොරුවට කියලා මන් දන්නවා. මගේ බඩ රිදෙන වෙලාවට එයා ළඟ ඉන්නවා නම් කුල් දෙයක් කනවා කියන එක විය හැකියාව අඩු දෙයක් නෙවෙයි නොවීය හැකි දෙයක්. පවුනේ ඉතින් කොල්ලා කියලා මන් ඉතින් කටවල් දෙකක් කෑවා.. ඊට පස්සේ තමයි එයත් කෑවේ..

~~~~~~~~~~

අහින්සට නිදා ගන්න ගියත් නින්ද ගියේ නෑ.. ඇස් වලට කඳුලක් ආවා විතරයි. ඒක නිසා ඇදෙන් නැඟිටපු කෙල්ල කුස්සියට ගියේ තේකක්වත් බොනව කියලා හිතාගෙන..

කාමරේ කරන්න වැඩකුත් තිබ්බේ නෑ.. novel ටිකක් ඇරෙන්න.. අහින්සා Army girl කෙනෙක් වුණේ අවුරුදු 4ක් තිස්සේ.. ඒම වුණත් එයා bts army කෙනෙක් තියා fan කෙනෙක් කියලා කියන්නවත් කාමරේ මොනවත්ම තිබ්බේ නෑ.. ඒ හින්දා හැම පැත්තෙන්ම කෙල්ල ටිකක් වෙනස්.. ඉස්සර නෙවෙයි.. දැන්..

~~~~~~~~~~~

BTS dorm එකේ හැමදාම තියෙන අවුල් ඉතින් ඔයාලා දන්නවනේ මේ ඕතර්ට වඩා..

" ටේ හ්යුන්.. ඔයා ආපහු මොකක් හරී අඩවුවක් අල්ලලද ඉන්නේ කොල්ලො..?" නම්ජුන් හ්‍යුන් ඇහුවේ ටේගේ කටේ තිබ්බ අමුතු හිනාව දැකලා.. ඒක ඇහුණ ගමන් ජිමින් ටේ දිහාට පැන්නා.

" කියන්න නම් එපා උබ මටත් හොරෙන් සෙල්ලමක් දැම්මා කියලා.." ජිමින් කිව්වේ ටේට රවලා..

" බලන්නකෝ.. මන් මොකුත් නොකර නිකන් හිටියත් ඔයාලට වැරදියි. බලන්න දැන් මන් මොකුත් කළේත් නෑ.."

ටේ හ්‍යුන් කිව්වේ හිනාව පෙන්නන්නේ නැතුව. කොල්ලගේ හිතේ නම් අමුතු ෆන් එකක් තිබ්බා.. ජිමින් කට වහ ගත්තත් ජුන් හ්‍යුන්ට නම් තේරුණා මොකක් හරි තමයි කියලා.. ඒත් ඉතින් තාම කට්ටිය පොඩි හින්දා හාර හාර අහන්න ගියෙත් නෑ..

" හෙට මන් bighit එකට යන්න ඕන.. මට තියනවා record එකක් කරන්න.." Jungkook එතනට කඩා පාත් වුණේ ඔය අස්සේ..

" මොකක් අනේ.. මන් හිටියේ හෙට ඔයත් එක්ක ජිම් එකට යන්නනේ.. අනේ කොල්ලො.. හරි අසාධාරණයි මේ වැඩේ නම්.."

ඒ bts team එකේ පොඩිම කෙනා.. ජින් හ්‍යුන්..😂 නහයත් රතු කරගෙන තොල අනිත් පැත්ත ගහ ගත්තු විදිහට හෝබි හ්‍යුන් මැරෙනකල් හිනාවෙනවා..

" මේ ගෙදර එකට ඉන්නකල් මට නිදා ගන්නේ වෙන්නේ නෑ.."

සෙටියක් උඩට වෙලා නිදාගෙන හිටපු යුන්ගි හ්‍යුන් කෑ ගහල තව මොනවද හැල්ලක් කියවලා නිදි මර ගාතේ කමරේකට ගියා..

මේ හැම දේම වෙලත් ටේ නම් හිටියේ අමුතු ෆන් එකක.. කාටවත් ඒක මීටර් වුනේ නෑ.. ඒත් ජුන් හ්‍යුන් නම් කල්පනාවෙන් ටේ දිහා බලන් හිටියේ.. කලින් දවසේ පොඩි එකෙකුට වෙට්ටුවක් දාලා වුණු ප්‍රශ්නෙ මදිවට මේකා මොනවා කරයිද කියලා ලොකු හ්‍යුන් බයේ හිටියේ.. බුදු අම්මෝ එදා කර ගත්තු හරියක්..

සැක්..

ඔය අස්සේ කවදාවත් රිං වෙන්නේ නැති dorm එකේ land phone එක ring වෙන්න ගත්තා.. සාමාන්‍යයෙන් ඕකට කෝල් එන්නේ සතියකට සැරයක් දෙකක්.. ඒ හැමෝටම cell phones තිබුණ හින්දා.. ආවත් එන්නේ bighit එකෙන් තමයි.. ඕකෙන් කෝල් එකක් land ලයින් එකට එනවා කියන්නේ මොනවා හරි මරාලයක් තමයි..

හැමෝම මූණට මුන බලා ගද්දී ජුන් හ්‍යුන් ටක්ගාලා බැලුවේ ටේ කොල්ලගේ මුන.. එකේ තිබ්බ අමුතු හිනාව එකපාරටම තව වැඩි වෙලා තිබ්බ කියලා ජුන්ට හොදට තේරුණා.

' පොඩි එකා අදත් මොකක් හරී කරලා වගේ..' ජුන් හ්‍යුන් එහෙම හිතද්දීම ජින් හ්‍යුන් ගිහින් කෝල් එක ගත්තා.....

" හෙලෝව්......"

______________________________________

අඩුපාඩු කමෙන්ට් කරන් යන්.. ඔයාලගේ අදහසත් ඕන.. මගේ ජීවිතේ ඉතින් ඒ කමෙන්ටු තමා🥰

 මගේ ජීවිතේ ඉතින් ඒ කමෙන්ටු තමා🥰

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cover by :- Jungmi_11

A_Shee ~

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now