පැය කාලක් යද්දී surgery kit එක ඇද ගත්තු අහින්සා surgery room එකට ගියා. ඒ surgery එකත් ඉතින් කිසි ප්‍රශ්නයක් නොවී කළා. එළියට එනකොට කෙල්ල බාගෙට මැරිලා වගේ හිටියේ. මොකද එදා එයාට surgery තුනක් තිබ්බා.

ගෙදර යනකොට හවස 6.00 ත් පහුවෙලා. අම්මා එතකොට නිදියගෙන හිටියේ. දොර රෙද්ද මෑත් කරල අම්මා දිහා බලපු කෙල්ල කාමරේට ගිහින් wash එකකුත් දාලා ඇඳට පැන්නේ නිදා ගන්න. ඒත් කොච්චර මහන්සි වුනත් එයාට නින්ද ගියේ නෑ. ඈත අතීතයට ගියපු එයාට ඇස් වලට චූටි කඳුලක් ආවා.

~~~~~~~~~

" උබ දැන් කන්නේ නෑ කියලද කියන්න හදන්නේ අහි..?"

ඒ අපේ practise වේලාව. අනු කෑගහගෙන ආවේ ඉනෙත් අත තියාගෙන. ඒ ආපු විදිහට මට හිනා ගියා.

" කන්නේ නැතුව මෙතන හිනාවෙන්නත් එනවා.. ගුටි කන්න ඕනිද උබට.." ඒ ගමන අනු කැගැහුවේ මුළු පිට්ටනියටම ඇහෙන්න.

අනුහස් දේවින්ද..

මගේ හොඳම යාලුවා.. එකම වයසේ හිටියේ.. කරුමෙට වගේ මට වඩා මාස දෙකක් වැඩිමල්. ඒක නිසා මන් හැමවෙලේම එයා කියන දේ අහන්න ඕන. ඇත්ත කතාව ඉතින් එයා කියන එක හරි. මන් තමයි මුරණ්ඩු..

අපි ඒ වෙනකොට හිටියේ A level වයසේ.. එයා කළේ maths.. fashion designing වලට. මන් කළේ science. ඇත්තටම මන් දක්ෂ ගණන් වලට තමයි. ඒ වුණාට අපේ අම්මට ඕනි වුනේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. අම්මා හැමදේම කැප කලේ අපි වෙනුවෙන් හින්දම මන් පන වගේ ආදරේ කරපු ගණන් ඇත ඇරලා science තෝරා ගත්තා..

( Smile in pain_Education version 🙂 )

අනු athletic පිස්සෙක්.. national cup ගැහුවා ගොඩාක් event වලින්. මන් ඊට හාත්පසින් වෙනස්. මන් කළේ martial arts.. කරාටේ.. black belt කරලා master කෙනෙක් වෙලා හිටියේ..

කොහොම වුනත් අනු මාර කට්ටක් කෑවේ මාව දුවවන්න.. ඒත් මන් නම් කූඩැල්ලෙක් වගේ පිට්ටනියෙන් අයින් වුණ එක තමයි කලේ..

ඇයි අප්පා.. කියන්නකෝ.. ඕකේ කට්ට අව්වේ දුවන්නේ කොහොමද කියලා..☹️

" අනේ කන්න බෑ බං.. මගේ බඩ රිදෙනවා.. නිකන් කැඩෙන්න එනවා වගේ.."

මන් කිව්වේ අනුගෙන් බේරෙන්නම බැරි වුණ තැන. ඇත්තටම ඒ වෙලාවේ මගේ බඩ පුදුම විදිහට රිදුනා. මට ඇඩුණත් එක්ක. කවදාවත් මන් අඬන්නේ නෑ.. ඉතින් ඇස් වල කඳුළු පිරිලා තිබ්බ දැකලා කොල්ලා බය වෙන්න ඇති..

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now