ƈԋαρƚҽɾ 43

384 70 86
                                    


ශශීගෙ ඇස් නැවතිලා තිබ්බෙ කොහෙද කියලා දැක්ක ගමන් ම කලබල උනු හසරැල් එයාගෙ අත අයින් කරගෙන නෝමල් විදියට ඉන්න ට්‍රයි කරත් එයාගෙ හිත ඇතුලෙ වෙනම යුද්ධයක්..

හසරැල්ගෙ කලබල ගතිය ගෞරිට නොදැනුනා නෙමෙයි..

" මේක.. මේ වගේ එකක් නුවේද් ලඟත් තිබුනා නේද ගෞරියො.. ? "

බ්‍රේස්ලට් එක පෙන්නලා ශශී ඊලගට එයාගෙ ඇස් අරන් ගියෙ ගෞරිගෙ දිහාවට.. ප්‍රශ්නාර්ථයක් එක්කම..

" වෙන්නැති බං.. එක වගේ බ්‍රේස්ලට් කොච්චර තියෙනවද.. ? මල්ලි අර ඊයෙ ආපු ඕඩර් එක රෙඩිද ? දහය වගේ වෙනකොට එනව කිව්වා ගෙනියන්න... ඒක පොඩ්ඩක් බලන්නකො "

බොහොම සාමාන්‍ය විදියට ශශීගෙ ප්‍රශ්නෙට උත්තර දීපු ගෞරි ඊලඟට හසරැල්ව බේරල එතනින් යැව්වෙ සාධාරණ හේතුවකුත් එක්ක..

ඔලුවත් වනලා එතනින් ගියාට මොකද හසරැල්ගෙ කලබල ගතිය තාමත් එහෙම්මමයි..

ශශීගෙ මූණෙනම් තිබුනෙ ගෞරි කියපු දේට එකඟ උනාද නැද්ද කියලවත් හිතාගන්න බැරි විදියෙ බැල්මක්..

ටික වෙලාවක් යනකන් කතා කර කර ඉඳලා ශශී ගියාට පස්සෙ ගෞරි වෙනදා වගේ සාමාන්‍ය විදියට වැඩ ටික කරන් ගියා මිසක් අර කතාව ආයෙ ඇදලා අරන් හසරැල්ගෙන් ප්‍රශ්න අහන්නවත් අඩුම ඒ ගැන මතක් කරන්නවත් ගියෙ නෑ..

හැබැයි හසරැල්ටනම් හිතට කිසිම හොඳක් දැනුනෙ නෑ..

" මල්ලි හෙට නම් මං නෑ හොඳේ... තනියම ශේප් කරගන්න පුලුවන් නෙ? පොඩ්ඩගෙ ප්‍රී ස්කූල් එකෙන් ට්‍රිප් එකක් යනවා.. මට තමා යන්න වෙන්නෙ.. "

ශොප් එක වහන්න ටිකකට කලින් ගෞරි ඇවිත් හසරැල්ගෙ ඉස්සරහින් ඉඳගත්තෙ එහෙම කියන ගමන්.... පොඩ්ඩා කියලා ගෞරි ඔය කියන්නෙ එයාගෙ අයියගෙ බබා..

" අහ්.. මට අවුලක් නෑ.. පොඩ්ඩගෙ හැම වැඩේටම යන්නෙ අක්කා නේද ? එයාගෙ අම්මා-  ? "

ප්‍රශ්නාර්ථයක් පිරුණු හසරැල්ගෙ ඇස් දෙක ගෞරි ලඟ නැවතුනා.. හැබැයි ඒ ප්‍රශ්නෙට ගෞරිගෙ මූණ ඇඳුනෙ හෙන දුක පාට පෙනුමක්..

" එයා නැති උනා කැන්සර් එකකින්.. පොඩ්ඩට අවුරුදු තුනේදි... "

" ඔහ්.. "

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now