ƈԋαρƚҽɾ 26

711 108 73
                                    

" මොකද මේ nervous වෙලා..? "

" මම ?? නෑ.. පිස්සුද ? "

මම අහපු ප්‍රශ්නෙට වෙව්ලන කටහඬකින් උත්තර දුන්නු එයා ඇඳේ ඉඳන් උන්නු තැනින් ටිකෙන් ටික පිටිපස්සට ගියෙ මම දණහිසක් ඇඳට තියලා එයාගෙ දිහාවට ලං වෙද්දි.. කම්මුල් රතු කරගෙන කලබලෙන් වගෙ එහෙ මෙහෙ බලපු හසරැල් පැත්තක තිබ්බ කොට්ටයක් අරගෙන මගෙ දිහාවට විසික් කරේ මට හිනා යනකොට..

හිනා යන්නෙ නැද්ද ඉතින් හෙන පණ්ඩිත ටෝක් එකක් දීපු මනුස්සයා මෙහෙම කලබල වෙනකොට..

එයා ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙනකොට මං එයාගෙ හුස්ම වල රස්නෙ මගෙ මූණට වැදෙන තරම් ලං උනේ එයාගෙ කලබල ඇස් දිහා බලාගෙන..

ඒ තප්පරේට එයාගෙ ඇස් බයටම පියවිලා යද්දි මං නළල එයාගෙ නළලෙ හප්පලා එයාගෙ ඇහැ යට තිබ්බ පුංචි birthmark එක උඩින් ලාවට හාද්දක් තියලා එයා ගාවින් අයින් උනේ එයා පපුවට අතක් තියාගෙන ආයෙම ඇස් මං ගාවට අරන් එද්දි...

" තමුසෙගෙත් කට විතරයිනෙ බලන් ගියාම.. මොකද ඔච්චර බය ආ?? "

එයාගෙ කලබල ගතිය චුට්ටක් අඩු වෙනකන් ඉඳලයි මං එහෙම කිව්වෙ..

" එක පාරට ඔහොම රොමෑන්ටික් වෙන්න ගියාම එහෙම තමයි ඉතින්... මොකෝ කලින් එක්ස්පීරියන්ස් තියෙනව කියලද නෑනෙ.. "

මට රවන ගමන් එයා එහෙම කියන්නෙ කොන්ඩෙත් එක අතකින් පිටිපස්සට කර කර..

මං මුකුත්ම නොකියා හිනාවකින් විතරක් එයාට උත්තර දීලා එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන එයාගෙ මූණට ඇස් අරන් යනකොට කලින් තිබ්බ නර්වස් ගතිය ආයෙම එයාගෙ මූණට ඇවිත්..

" ඔහොම නර්වස් වෙන්න එපා දිනේත්‍ර.. ඔයා ඉන්නෙ මගෙ ලඟනෙ.. හිතනවකො කොහොමද මං තමුසෙට කිස් එකක්වත් දෙන්නෙ කියලා... කලන්තෙ දාලා වැටෙයිද කියන්න බෑනෙ...

" ඒයි ඒයි..ඔයා ඔය කියනේව ගැන පසුතැවෙන්නයි යන්නෙ කොයි වෙලාවෙ හරි හොඳේ.. "

රිදෙන නොරිදෙන ගානට මගෙ කනක් මිරිකන ගමන් එයා එහෙම කිව්වෙ අර නර්වස් ගතිය පැත්තකට විසික් කරලා හෙන ප්ලේෆුල් විදියට හිනාවෙන ගමන්..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now