ƈԋαρƚҽɾ 41

355 37 50
                                    

ගෞරි එක්ක අනම් මනම් වල්පල් ටිකක් කියවලා එයා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා නුවේද් හසරැල් ගාවට පැනගත්තා.. ඒ වෙනකොටත් හසරැල් එයාව දැකලයි තිබුනෙ.. දෙන්නගෙ ඇස් වලින් කරන හැංගිමුත්තන් කතන්දර දැක දැකම තව පොඩ්ඩක් කල් ඔහොම නටපුදෙන් කියලා හිතාගෙන ප්‍රේමවන්තයෝ දෙන්නා ගැන ඇතිවුනු අනුකම්පාවක් වගේ මගුලක් හින්දා ගෞරි නැති වැඩක් මවාගෙන ඩයිනින් රූම් එකට රිංගගත්තා..

" මොකද මේ කොන්ඩෙට කරගත්තෙ ආහ් ? "

එයාපොඩ්ස් දෙක ගලවලා පැත්තක තිබ්බ හසරැල්ගෙ ඇස් වලට එබිලා නුවේද් ඇහුවෙ හසරැල්ගෙ කොන්ඩෙ අස්සෙන් ඇඟිලි එහෙ මෙහෙ අරන් යන ගමන්..

" ඇයි කැතද ? "

" නෑහ්... එහෙමත් ලස්සනයි.. තමුසෙ කොහොම හිටියත් මට ලස්සනයි.. "

හසරැල්ගෙ ඉස්සරහ තිබුන ලී මේසෙට හේත්තු වෙලා අත්දෙකත් බැඳගෙන නුවේද් කියනකොට හසරැල් පොඩ්ඩක් රතු උනාදත් මන්දා..

" ගෞරි අක්කලට පාටි එකක් දෙනව කිව්ව නෙහ් ? කවද්ද ඒක ? "

ඩේසි මලක් අරගෙන ඒක නටුවෙන් එහෙට මෙහෙට කරකව කරකව හසරැල් ඇහුවෙ එයාගෙ දිහාම ඇස් අලවගෙන ඉන්න නුවේද්ගෙන්..

" තාම ඩේට් එකක් නෑ.. අරූ එනකන් ඉන්නෝනෙ.. "

" අරූ කිව්වෙ ? "

" ප්‍රනීත්.. ඌ ලංකාවට එනවලු.. දන්නවනෙ.. ගෞරියගෙ වෙන්න හබියා.. ගෞරි දන්නෙත් නෑ තවම ඌ එනව කියලා.. "

" ඇයි ගෞරි අක්කට කියලා නැත්තෙ ? "

" කිව්වම ඒක සප්‍රයිස් එකක් වෙනවද මෝඩස්... "

හසරැල්ගෙ ඔලුවට යන්තම් තට්ටුවක් දාල නුවේද් හසරැල්ගෙ ඉස්සරහින් ඉඳගත්තෙ එහෙම කියන ගමන්...

" දන්නවද.. අපි හතරදෙනාම එකට බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්නෙ අවුරුදු හතරකින්.... "

" ඒ කියන්නෙ ප්‍රනීත් අයියා ගිහින් අවුරුදු හතරක්ද ? "

" ම්ම්ම්ම්.. "

" ඒක නෙවෙයි.. තවුසෙගෙ අර සීදේවිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නව ඇතිනෙ නේද.. ? "

" කවුද ශශියටද ? නෑහ්... තාම නෑ.. "

" ඒකත් එහෙමද ? "

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now