ƈԋαρƚҽɾ 03

968 110 19
                                    

ශොප් එකේ බිත්ති පාට කරලා තිබුණෙ gray and blue කලර්ස් වලින්.ඒ කලර් combination එක , wooden floor එක මේ සේරම  එක්ක ශොප් එක ඇතුලෙ තිබුනෙ හෙන cozy vibe එකක්..

ශොප් එකට ඇතුල් වෙනකොටම ඉස්සරහ තට්ටු විදියට හදපු පොඩි රැක් එකක ලස්සනට හදපු flower bouquet වගයක් තියලා තිබුනා..

ශොප් එකට ඇතුල් වෙනකොටම ඉස්සරහ තට්ටු විදියට හදපු පොඩි රැක් එකක ලස්සනට හදපු flower bouquet වගයක් තියලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශොප් එකේ වම් පැත්තෙ එක එක මල් පුරවපු ග්ලාස් වලින් පිරිච්ච wooden rack දෙකක්. ඒ හරියෙම ටිකක් දිග wooden table එකක්.. ටේබල් එක උඩ වේවැල් වලින් හදපු කූඩ දෙක තුනක්..එක කූඩෙක පාට පාට රිබන්.. අනිත් එකේ wrapping papers, සෙලෝපේන් එක්ක Tissue papers.. තවත් එකක කතුරු ,එක එක ජාතියෙ ටූල්ස් වගයක්.. එක පැත්තක බාගෙට හද හද ඉඳපු බව පේන්න තිබ්බ flower bouquet එකක්.. ඒ ළගම තවත් රෝස,ලීලී , ටියුලිප් වගේ මල් පිරුණු වාසස් වගයක්.. එතකොට ඒවගෙන් එන මල් සුවඳ...

මේසේ යට කොටසෙ ස්ප්‍රේ බොට්ල්ස් වගයක් , flower food packets කීපයක්.. වම් පැත්තෙ කෙලවරේම එතනින් ඇතුළට වෙනම කාමරයක් තියෙනව කියන්න වගේ තව දොරක් තිබුනෙ බාගෙට ඇරලා... ඇතුළෙ මොනා තිබුනද කියල නොපෙනුනත් හෙට ආවම බලාගන්න පුලුවන් වෙයි කියලා හසරැල් හිතුවා.

එතකොට දකුණු පැත්තෙ මැද හරියට වෙන්න තිබුනෙ ලී වලින්ම හදපු කවුන්ටර් එක.. එතන පොඩි කැක්ටස් පැළයක් සුදු පාට පොට් වගේක හිටවපු succulent පැල වගයක් තිබුනා.. කවුන්ටර් එකට පිටිපස්සෙ ආයෙම wooden letters වලින් Evergreen florals කියලා ලොකුවට ලියලා ඒ වගේට මල් වැල් වලින් යන ලස්සන වෝල් ආර්ට් එකක්..  කවුන්ටර් එකට මෙහා පැත්තෙ , ඒ කියන්නෙ හරියටම බැලුවොත් දොරට දකුණු පැත්තෙන් wooden chairs 4k එක්ක පොඩි ටේබල් එකක්.. ඒක ලඟම පුංචියට Book shelf එකක පොත් පිරිලා පත්තර කීපෙකුත් ඒත් එක්කම තිබුණා.එතන නිකන් mini library එකක් වගේ... එතන බිත්තිය හදලා තිබ්බෙ ග්ලාස් වලින්..  

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now