ƈԋαρƚҽɾ 06

710 101 9
                                    


නුවේද් හිටියෙ ආයෙම ගෙදර එන ගමන්... ගිය ගමනෙන් එයාගෙ හිතට නිදහසක් දැනුනත් ඊට එහා ගියපු වේදනාවක් අරගෙනයි එයා එතනින් ආවෙ..

හවස ප්‍රැක්ටිස්.. ආයෙ ඉතින් ඊලග සතියෙ රෙකෝඩින් ඉවර වෙනකන් ඔතනින් ගැලවිල්ලක් කොහොමටවත් නෑ..

හැබැයි එයාගෙ ජීවිතේ එයා වැඩිපුරම ආස කරපු දේ , ආදරය කරපු දේ උනේ මියුසික්.. හරියට හසරැල්ට කොල පාට ගස් වැල්, මල්  එක්ක ඉන්නකොට දැනෙන හැඟිම වගේ නුවේද්ගෙ හිත නිවන්න , සනසන්න පුලුවන් ලොකුම දේ උනේ සංගීතය..

සින්දු කියන්න නෙමෙයි සින්දුවක් ඇතුලෙ මිනිස්සුන්ව ජීවත් කරවන්න පුලුවන් විදිහෙ කටහඬක් එයාට තිබුනා.. ඒක එයාට අම්මගෙන් හම්බුන දෙයක්... පුංචි කාලෙ නුවේද්ගෙ අම්මා එයාවත් ලඟ තියාගෙන සින්දු කියපු හැටි මේ දැනුත් නුවේද්ට ඇස් ඉස්සරහ මවාගන්න පුලුවන්..

ගෞරි එන්න කිව්වට නුවේද්ට ආයෙම ශොප් එකට යන්න හිත දුන්නෙ නෑ.. හවස් වෙන්නත් තව වෙලා තියෙන නිසා නුවේද් ගියෙ ශශීගෙ ගෙදර.. අනිත් හැමෝටම  වඩා නුවේද්ගෙ ළඟින් ඉඳපු කෙනා උනේ ශශී..  ඒකට හේතුවක් තිබුනා.. නුවේද්ගෙත්, ශශීගෙත් තාත්තලා බිස්නස් පාර්ට්නර්ස්ලා වෙච්ච නිසා ඒ පවුල් දෙක සෑහෙන හිතවත්..

අනිත් දේ තමයි ඉස්සර හතර දෙනාම ඇවිදින්න ගියාම ගෞරි , ප්‍රනීත් එක්ක ඒ දෙන්නගෙ ලෝකක තනි වෙනකොට නුවේද් ,ශශී එක්කයි හිටියෙ...  ඒකෙ ප්‍රථිපලයක් විදියට අර දෙන්නත් එක්ක තියෙනවට වඩා ලොකු යාලුකමක්, බැඳීමක් නුවේද්ගෙයි ශශීගෙයි අතරෙ ඇති උනා.... අනික දැන් කොහොමත් කම්පෙටිශන් එකේ වැඩත් එක්ක නුවේද් වැඩි කාලයක් ගෙවුවෙ ශශී එක්ක...

එයා යනකොට වෙනදා වගේම බැල්කනි එකේ බිම ඉඳගෙන ගිටාර් එක ගහන ගමන් සින්දුවක් කිය කිය ඉදපු ශශී පඩිපෙලින් මතු වෙච්ච නුවේද්ව දැක්කා..

එතනින් එහාට ශශීගෙ රාජකාරිය උනේ නුවේද්ව එයාගෙ සුපුරුදු ට්‍රැක් එකට ගන්න එක..... ටික වෙලාවකින් කන්න මොනාහරි ගේන්න කියල ශශී පහලට ගියා..

කම්මැලි නිසාම නුවේද් ෆෝන් එක අරගෙන instagram log උනා.. එකින් එක පෝස්ට් බල බල ටිකක් පහලට යනකොට එයා දැක්කෙ උදේ ගෞරි , හසරැල්ව ටැග් කරල දාපු ෆොටෝ එක..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now