ƈԋαρƚҽɾ 27

660 100 94
                                    

" ඔයා සතුටින්ද ? "

කම්පෙටිශන් එකේ විස්තර, තව එක එක කතා වලින් පස්සෙයි හසරැල් ඔය ප්‍රශ්නෙ මගෙන් ඇහුවෙ..

" ඇයි එහෙම නෑ වගේ පේනවද.. ? "

එයාගෙ ප්‍රශ්නෙට හිනාවක් එක්ක මං උත්තර දුන්නෙ එහෙම අහන ගමන්..

" එහෙම නෙමෙයි ඉතින්... සමහර දේවල් වචන වලින්ම කියනකොට වටිනාකම වැඩී.. "

" ඒක ඇත්ත ඒක ඇත්ත... "

කලින් එයාගෙන් ආදරෙයි කියලා අහගන්න ඕනෙ උනත් එයා වචනෙන් ඒක නොකිව්ව එක මතක් වෙලයි මං එහෙම කිව්වෙ..

" ඉතින්.. අහපු එකට උත්තර දෙන්නකො.."

" Of course, um happy. Because you're with me "

ඉස්සර දවස් වල වාහනේ ඇතුළෙ පාලු මකන්න හිටියෙ රේඩියෝ එක ,එහෙම නැත්තම් මගෙ ෆෝන් එකේ සින්දු ලිස්ට් එක විතරයි..
හැබැයි මේ වෙලාවෙ ඒව ඕනෙ උනේ නෑ.. හසරැල්ගෙයි මගෙයි කතා වලින් වාහනේම පිරිලා ගිහින්..
මං හිටියෙ හසරැල්ව ආයෙම ගෙදරට දාන්න යන ගමන්..

සුදූගෙ ක්ලාස් ඉවර වෙන ටයිම් එකට එතන ඉන්න හිතාගෙන මං ටිකක් කලින් හසරැල්ව එක්කන් ආවෙ එයාව දාලා ආයෙම එන්නත් ඕනෙ නිසා..

එයා වෙන මුකුත් කියන්න කලින්ම එයාගෙ ෆෝන් එක රින්ග් උනා..

" හෙලො.. සුදු මැණිකෙ.. "

එයා කෝල් එකට ආන්ස්වර් කරේ එහෙමයි...

කොහෙන් පාත් උන සුදු මැණිකෙක්ද මේ.. ?

" නෑ නෑ.. ගෙදර නෙමෙයි.. පොඩ්ඩක් එලියට ඇවිත් ඉන්නෙ "
" ඔව් මේ යන ගමන්.. ටවුන් එකට ළඟයි දැන්.... "
" ඔව් අනේ.. මාත් එක්ක තරහ වෙලානෙ ඔය.. "

කවුද දැන් මෙයා එක්ක තරහ වෙලා ඉන්නෙ.. ?

" ඔව් හරි මං එන්නම්කො.. "

මොන මගුලෙද යන්න යන්නෙ මනුස්සයෝ.. ? මං හිතින් හිතුව විතරයි කිව්වෙ නෑ..

" නෑ නෑ වස්තුවේ.. ඔයාව දැක්කෙත් නෑනෙ ගොඩ දවසකින්.. "

ෆුහ් වස්තුවේ.. යකෝ මේකා මටවත් කතා කරනවද ඔච්චර ආදරෙන්..

" හරි... ඕකෙ මැඩම්.. බුදු සරණයි.. "

යැයි යැයි යැයි තමයි..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now