ƈԋαρƚҽɾ 21

651 101 54
                                    

දිනේත්‍ර මෙහෙම කතා කරාවි කියලා පොඩිම  බලාපොරොත්තුක්වත් හිතේ කොනකවත් නොතිබ්බ වෙලාවක , ඒකත් එයා ගැන තියෙන හැඟීම් හංගන් ඉන්න තීරණය කරලා තිබිච්ච වෙලාවක එයාට තිබුනෙ මට කතා නොකර ඉන්න..

මාස එක හමාරක විතර ඉඳන් මගේ ජීවිතේ සිද්ධ වෙන්නෙම සෑහෙන unexpected දේවල්.. එතනිනුත් ලොකුම දේ උනේ දිනේත්‍රව මුණ ගැහිච්ච එක..

හැබැයි එයාව එහෙම අහම්බකාරක විදියට හරි මුණ ගැහිච්ච එක ගැන සතුටක් මිසක් කිසිම පසුතැවිල්ලක් මට දැනෙන්නෙ නෑ..

" හිතේ තියෙන දුක හිතෙන දේවල් සේරම  ඔය හුළඟට ගහගෙන යන්න දීල අලුත් හුස්මක් අරගෙන ආපහු හැරෙන්න.. හෙට දවස ලස්සන එකක් වෙන්නයි යන්නෙ.. Trust me ! "

ටිකකින් වට්සැප් නොටිෆිකේශන් එකක් ඒ විදියට popup උනා.. දිනේත්‍රගෙ number එක..

ගලපගන්න බැරි මූසල හැඟීම් කන්දක් අස්සෙ යට වෙලා පෑරිලා ඉන්න ඕනෙම මනුස්සයෙක්‍ට මෙන්න මේ වගේ වචන ටිකක් මොන විදියට දැනෙනවද කියලා ඔයාලට දැනෙන්න නම් ඔයාල ඒක විඳලා බලන්නම ඕනෙ..

හෙට දවස ඇත්තටම හොඳ වෙයි..

අන්න එහෙම හිතලා ලොකු හුස්මක් මූදු හුළඟට ගහගෙන යන්න දීලා මං ආයෙම හැරුනා..

Trust me !
මගේ හිතේ හොල්මන් කරපු වචන ටික ඒ.. ඉතින් මං එයාව විශ්වාස කරන්න ඕනෙනෙ.. නිල් පාට හාට් එකක් ඒකට රිප්ලයි එකක් විදියට සෙන්ඩ් කරලා මං කාර් එක දිහාවට ඇවිදන් ආවා..

ගෙදර ඇවිත් විනාඩි කීපෙකට පස්සෙ දිනේත්‍රගෙන් ආයෙම මැසේජ් එකක්..

" ගෙදර ආවද ? "

" ම්ම් මේ දැන් ආවෙ.. "

එහෙම රිප්ලයි එකක් දාල මං එයාගෙ number එක සේව් කරා..

කොහොමද සේව් කරේ කියලනම් අහන්නෙ , දිනේත්‍ර කියලා සේව් කරන්නත් ගිහින් අන්තිමට ඒක සේව් කරේ Angrybird කියලා.. 😂 විනාඩියකින් විතර ආයෙම මැසේජ් එකක්..

" කාලද ? "

" ඇයි කවන්නද ? "

ඔන්න දැන් නම් මේකට මල පනිනව ශුවර්.. රතුවෙච්ච කම්මුල් දෙකක් එක්ක රවාගෙන ඉන්න හසරැල්ගෙ මූණ මගෙ ඇස් ඉස්සරහ ඇඳිලා මැකිලා ගියා..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now