18

224 53 47
                                    





"නතාලි රූම් එකේ නෑ "

"වට් ? ඔයා බාතෲම් එකේ බැලුවද..කොහෙහරි ඇති ආය පොඩ්ඩක් බලන්න ආලියා "

"මම හැමතැනම බැලුවා ආන්ටි.."

කෝවිලට යන්න හැමදේම ලෑස්ති කරලා තියෙද්දි අන්තිමට කට්ටිය බලන් හිටියේ මනමාලි එලියට එනකම්..ඒත් අහන්න ලැබුණ දේ එක්ක කොටසකගේ මූණුවල පේන නොපෙනෙන ගානට හිනාවක් ඇදෙද්දි සමහරක්ගේ ඇස් එලියට පනින තරමට ලොකු වෙලා තිබුණා..

"හිටියොත්නේ පුදුමේ..නැද්ද කොල්ලෝ ?"

ලෝරා කොණ්ඩෙට ගහලා තියෙන මල් අතින් හදන ගමන් තමන්ගේ උරහිසෙන් පාරක් යීබෝට ගැහුවේ යීබෝගේ කට කොනේ හිනාවක් ඇදෙද්දි..බ්‍රින්ධා කලබලෙන් පඩිපෙල් නගිද්දි ආලියා ඇස් දෙකත් හීනි කරගෙන ආවේ යීබෝගේ ලගට..

"මේක තමුසෙගෙ වැඩක් රාජ්..එහෙමනේ ?"

ආලියා ඇහුවේ බිත්තියට කකුලක් බර දීලා හේත්තු වෙලා ඉන්න යුගාන් දිහත් බලන ගනන් වෙද්දි යීබෝ ආලියට ඇහැක් ගැහුවේ ආලියා නොරිදෙන්න යීබෝගේ උරේට පාරක් ගහද්දි..

"රාජ්ධීර් !! පිළිමයක් වගේ ඉන්නැතුව හොයනවා නතාලිව !!"

"අහ්..හා..හරි ඩැඩී.."

මලික්ගේ කෑ ගැහිල්ලත් එක්ක හිනාව පැත්තකින් තිබ්බ යීබෝ නතාලිව හොයන්න ගියේ කිචන් එකට !

"ඌට නං ලව් සික් එක ඔලුවටම ගහලා !"

යුගාන් ඔලුව දෙපැත්තට වනන ගමන් කිවුවේ කිචන් එකට නතාලිව හොයන්න යන යීබෝ දිහා බලාගෙන..නිකන් ඉන්න එක සැක සහිත හින්දා නතාලිව හොයන ගොඩට යුගානුත් එක් වෙද්දි බංගලාවේ කට්ටිය ඔක්කොම කෝවිලට යන එක ටිකකට කල් දාලා මනමාලිව හොයන්න ගත්තා..




"හෙලෝ.."

"අහ්..යුගාන්..මම ෆ්ලයිට් එකට නැග්ගා..රාජ්ට කියන්න..ඔයාලා පරිස්සමෙන්.."

"හරි කෙල්ලේ..ගිහින් මුලින්ම කනෙක්ශන් හදාගන්න..රාජ් හොටෙල් එකක් බුක් කරලා තියෙන්නේ..වෙන කොහෙවත් යන්න බෑ..ඕකේ !!"

"හරි අනේ..සොරී ඔයාලව දාලා ආවට..මම තියන්නම්.."

"යුගාන් දැං ඕක තියලා එනවා..අන්න යෙවින්ශ් එනවා !!"

ආදර මායාව 🥀Where stories live. Discover now