10

276 62 65
                                    


"ඒ කවුද ඒ ??"

"ඔය කට වහ ගන්නවා ආලියා !!"

කරන් කිවුවේ ටේබල් එක යටින් ආලියගේ කකුලට තට්ටුවල් දාලා වෙද්දි මලික් සම්පූර්ණ හිනාවක් එක්ක ඉස්සරහට ගියේ ආව අලුත් අමුත්තව පිලිගන්න..

"ඔහ්..මලික් අන්කල්ට මෙච්චර හැන්ඩ්සම් යාලුවෝ ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නෑ.."

ආලියා කිවුවේ අමුත්තා දිහා බලාගෙන කල්පනාකාරී ස්වරූපයකින් වෙද්දි කොල්ලෝ ටිකත් උනන්දුවෙන් අලුත් අමුත්තා දිහා බැලුවා..

"එන්න එන්න..මිස්ටර් ආර්‍යන් !! "

මිස්ටර් ආර්‍යන් !! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආර්‍යන්.."

යුගාන්ත් මිමිණුවා..හොද හුස්මක් උඩට ඇදලා ගන්න ගමන් යුගාන්ත් කට කොනකින් හිනා උනේ හරියට ආර්‍යන්ගේ සුවද ඉව කරන්න වගේ..

"ආර්‍යන්.."

ඒ යීබෝ..යීබෝට ඒ නමේ මතකයක් තිබ්බත් කොහෙදිද කියලා අමතකයි..ඉතිං යීබෝ ඒක මතක් කරන එක නතර කරා..මොකද යීබෝට ඒක නෙවෙයි මේ වෙලාවේ වැදගත් !

හැමෝගෙම ඇස් ඇදගන්න අලුතෙන් ආව සරාගී පෙනුමක් තියෙන කඩවසම් තරුණයට හැකි වෙද්දි

"රාජ්..මේ ඉන්නේ මිස්ටර් ආර්‍යන්..අපේ බිස්නස් ඩීලර් කෙනෙක්.."

මලික් ආර්‍යන්ව එක්කගෙන ආවේ යීබෝ ඇතුලු පිරිස වාඩි වෙලා හිටපු ටේබල් එක ගාවට වෙද්දි යීබෝ නැගිටලා මලික් ගාවට ආවා..

"නයිස් ටු මීට් යූ මිස්ටර් ම්ම්..."

"යීබෝ ආර්‍යසිං !!"

ඉතිං යීබෝත් අතට අත දෙන ගමන් තමන්ගේ නම කියද්දී ආර්‍යන්ගේ මූණේ ඇදුනේ අමුතු හිනාවක්..ඒක කොහෙතම සුහදතාවයට නං නෙමෙයි..

ආදර මායාව 🥀Where stories live. Discover now