08

275 60 25
                                    


"තාමත් ඉවර නැද්ද !! මම ඊයේ ඉදන් මේ කෑ ගහන්නේ !!"

අද ආර්‍යසිං බංගලාව එකම කලබලයක්..මොකද අද  ආර්‍යසිං බංගලාවේ දෙවෙනි පරම්පරාවේ වැඩිමලාගේ ජන්ම දිනය !!

මොකද අද  ආර්‍යසිං බංගලාවේ දෙවෙනි පරම්පරාවේ වැඩිමලාගේ ජන්ම දිනය !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔව් නෝනා..ඒ ටික ලෑස්තියි.."

"හරි..කිසිම අඩුපාඩුවක් තියෙන්න බෑ..අහ්..කෝ මේ රයන් ??"

බ්‍රින්ධා ආයමත් මල්වැල් එල්ලන සාලෙට ඇවිත් වටපිට බැලුවේ එයාට ඕන කෙනා හොයාගන්න..වැඩ කරන කට්ටිය හැමෝම තමන්ට ආවේණික වූ වැඩවල යෙදිලා ඉද්දි බ්‍රින්ධා අමාරුවෙන් රයන්ව හොයාගත්තා..

"රයන් !! ඉක්මනට ගිහින් රාජ්ගේ ඇදුම දීලා එන්න..උඩ තුන්වෙනි රූම් එකේ ඇදුම් ටික..අනේ මන්දා කොහොම හවස් වෙද්දි මේ වැඩ ටික ඉවර කරන්නද කියලා !!"

බ්‍රින්ධගේ තරහ ගියපු මූණ හින්දම හැමෝම එක තප්පරයක්වත් පරක්කු නොවී තමන්ගේ වැඩ ටික කරා..

"ආන්ටි.."

බ්‍රින්ධට කතා කරේ කරන්..

"අහ්..පුතේ තාත්තට කොහොමද දැං ?? අද එනවා නේද.."

"නෑ ආන්ටි..ඩැඩීගේ කකුල ටිකක් අමාරුයි..අම්මා හවස එනවා කිව්වා..ඒක නෙවෙයි කෝ අපේ බර්ත්ඩේ බෝයි ??"

"අහ්..උදේ ඉදන් මේ කොල්ලා නිකමට පහලට එන්නෑ..උඩට ගිහින් බලන්න්කෝ පුතේ.."






"කීයටද එන්නේ කියපං !!"

"ඇයි උබ මාව ගන්න එන්නද අහන්නේ ??"

"උබට ඕන්නං වරෙං..මගෙ බල්ලාවත් එයි උබ එක්ක !!"

"මොකක්ද යකෝ..උබේ මසියා නේද මම ?? "

කරන් රූම් එකට යද්දිම ඇහුනේ දෙන්නෙක්ගේ කටහඩවල් වෙද්දි ඈත ඉදන්ම වීඩීයෝ කෝල් එකේ ඉන්න කෙනාව දැකලා කරනුත් ගිහින් ඇදට පැන්නේ යීබෝ බය උන පාර ධාර්මික වචනයක් පිටවෙද්දි

ආදර මායාව 🥀Where stories live. Discover now