13

291 59 71
                                    


"තව ටිකක් බෙදන්නද මලික් ?"

"ම්හ්..ඇති ඇති..අද ගොඩක් කෑවා..මට ආයෙත් එක්සසයිස් කරන්න වෙයි වගේ ම්ම්..වයස උනත් ෆිට් එකට ඉන්න එපැයි හහ් හහ් !!"

කෑම කාලා ඉවර උන මලික් කෑම මේසේ ඉදන්ම හිනා වෙවී කිවුවේ අනිත් අයත් ඔව් කියන්න වගේ නාට්‍යානුසාරයෙන් ඔලුව වනද්දි..

"නැතුව නැතුව..අන්කල්ගේ බොඩියට ගහන්න අපිටවත් බෑ.."

යුගාන් කිවුවේ කෑම බන්දේසිය තව ටිකක් ලගට ගන්න ගමන්..රාත්‍රී කෑම මේසේ බංගලාවේ හැමෝම වාඩි වෙලා හිටියා එක්කෙනෙක් ඇරෙන්න..ඇත්තම කිව්වොත් එයා පවුලේ සාමාජිකයෙක් නෙවෙයි..ඒත්

"කොහෙද මිස්ටර් ආර්‍යන් ??"
මලික් බ්‍රින්ධාගෙන් ඇහුවේ ඒක දැනගන්න උවමනාව තිබුණ තව කෙනෙක් මේකට හොදට ඇහුම්කම් දෙද්දි..ගෙදර හැමෝම වගේ කෑම මේසෙට වාඩි වෙලා හිටියත් ආර්‍යන් ආවේ නෑ..

"රූම් එකට ගියාට පස්සේ එලියට ආවේ නෑ මලික්..මම කතා කරත් සද්දයක් නෑ..මම හිතන්නේ නින්ද ගිහින් වෙන්න ඇති.."

"ම්ම්..එහෙනම් කමක් නෑ..අපි ආගන්තුක සත්කාර හොදට කරන්න එපැයි..නැද්ද කොල්ලෝ ??"

ලග හිටපු යුගාන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් මලික් ඇහුවේ යුගාන් රොබෝ කෙනෙක් වගේ ඔලුව උඩට පහලට කරද්දි..ඒත් බ්‍රින්ධා කිව්වත් යුගාන්ට නං හිතුනෙම නෑ ආර්‍යන් නිදි කියලා..ඉතිං..

"උබ ටිකකට කියලා ආර්‍යන් එක්කනේ හිටියේ යෙවින්ශ් !"

යුගාන් සද්ද නැතුව කෑම කන යෙවින්ශ් දිහා බලලා කියද්දී හැමෝගෙම අවදානේ ආවේ යෙවින්ශ් වෙතට..හැමෝම ඉස්සරහ අහපු නිසා යුගාන්ට මොකුත් කියන්න යෙවින්ශ්ට බැරි වෙද්දි එයා කරේ යුගාන්ට පිච්චිලා යන බැල්මක් දීපු එක..

"ආර්‍යන් එක්ක ?? ඔයා මොකද කරේ යෙවින්ශ් ??"

"අහ්..මේ ඔෆිස් එකේ දෙයක් ගැන මලික් බාප්පේ..එහෙම ලොකු දෙයක් නෙවෙයි..අනික එයා ඒ වෙලාවේ හොදට හිටියා !"

යුගාන්ට තද බැල්මක් දාන ගමන්ම යෙවින්ශ් කිවුවේ මලික්‍ට..

"එයාට බඩගිනි නම් කන්න එයි !!"

ආදර මායාව 🥀Where stories live. Discover now