09

308 65 39
                                    

ජටාටවී ගලඃ ජලඃ ප්‍රවාහ පාවිතස්ථලේ
ගලේවලම්භ්‍ය ලම්බීතාම් භුජංගතුංග මාලිකාම්
ඩමඩ් ඩමඩ් ඩමඩ්ඩම නිදානවත් ඩමර්වයම්
ජටාක චණ්ඩ තාණ්ඩවම් තනෝතුනඃ ශිවාම්

ජටා කටාහ සම්බ්‍රමබ්‍රම නිලම්ප නිර්ජනී
විලෝලවීචී වල්ලරී විරාජ මාන මුර්ධනී
ධගද් ධගද් ධගද් ජ්වලල්ලලාට පට්ට පාවකේ
කිශෝර චන්ද්‍ර ශේකරේ රති ප්‍රතී ක්ශනම් මමා..

"හර් හර් මහා දේව්..ඔබගේ බැතිමතුන් හට පිහිට වෙන්න ශිව දෙවියනි !! සාධාරණය ඉෂ්ට කරන්න ශක්තිය ලබා දෙන්න !! "

ගුරු දේව්ගේ ගිගුරුමෙන් කෝවිලේ නිශ්ශබ්දතාවය බිදිලා යද්දි ශිව තාණ්ඩව නර්ථනයේ යෙදිලා හිටපු වෙස් ගන්න නාගයෝ සහ නාග කන්‍යාවියෝ තමන්ගේ නර්ථනය අවසන් කරේ චණ්ඩ හුලගක් මගින් ඉබේම කෝවිලේ සීනු මහ හඩින් නාද වෙද්දි

ඉතිං ඒකයි ශිව දෙවියන් සතුටු උනා කියන්න ලැබෙන්න සංඥාව !! නාග කන්‍යාවියන් වගේම නාගයක්ගේ කැපකිරීම්වලට සම්පූර්ණ වටිනාකම ලැබෙන දවස !! අද අමාවක !!

"ආර්‍යන් !!"

ගුරුදේව් කතා කරද්දී ආර්‍යන් ගුරු දේව් ලගට ආවේ පාදවල සිලම්බු සද්දේ සිලිං සිලිං සද්දෙන් නද දෙද්දි..ශිව දෙවියන්ගේ සම්පූර්ණ වරය ලැබෙන දවස අද..නාග මාණික්‍යේ ස්ථිර ආරක්ෂක නාගයගේ වරය ලැබෙන්නේ ශිව දෙවියන්ගේ කැමැත්ත පරිදි..එක් නාගයෙකුට විතරක් හිමි වෙන ඒ අවස්ථාව නාග රජු පත් කිරීමට හේතු වෙනවා !!

"මට විශ්වාසයි ආර්‍යන් ! ඔබට අනිවාරෙන් නාග රජු වීමේ අවස්ථාව හිමිවේවි..දන්නවනේ ඒකෙන් කොච්චර බලයක් ලැබෙනවද කියලා..පලිගැනීම සම්පූර්ණ කරන්න ඒ බලය අත්‍යවශ්‍ය වෙනවා ආර්‍යන් !!"

ගුරු දේව් කියද්දී ආර්‍යන් හිස වැනුවේ බලාපොරොත්තු සහගත දෑස්වලින්..

"හරියටම තව හෝරාවකින් ශේෂ් නාග රජුගේ පැමිණීම සිදු වෙනවා ආර්‍යන්..එතකං ඉවසන්න !!"

ශේෂ් නාග රජු..පෙණ පහක් සහිත නාගයෙක්..ශිව දෙවියන්ගේ බැතිමතුන් අතර ඉහල නාගයෙක්..ශිව දෙවියන්ගේ පණිවිඩ හුරුමාරු කරන්න විදිහට ශේෂ් නාගයා හදුන්වනවා..

ආදර මායාව 🥀Where stories live. Discover now