14

199 48 35
                                    


"තැන්කිව්.."

"හ්ම්..හ්ම්ම්...ඉතිං කියන්නකෝ බලන්න සුදූ ඇයි දැං මට ස්තූති කියන්නේ ම්ම් ??"

යීබෝගේ හඩ සෙල්ලක්කාරයි..ඒ වගේම හරි ආදරණීය හිනාවක් ඒ මූණේ තිබුණා..ස්නේහ ඉස්සරහට ඇවිදගෙන යන ගමන් මේ ස්තූති කරන්නේ යීබෝ දිහා හොරෙන් බලන ගමන්..

"මාව බේරගත්තට.."

"කවුද ඒ..ඔයා දන්න කවුරුහරිද ?"

යීබෝ ඇහුවා හරි සන්සුන් විදිහට හිනාවෙලා ස්නේහගෙන් ඇස් මුදවගන්නැතුවම..බලන් ඉන්න ඉන්න වහ වැටෙන රූපයක් තියෙද්දි යීබෝ හරි අසරණයි..

"ටික දවසක් පස්සෙන් ආවා..මම දන්නෑ.."

"ආය එහෙම වෙන එකක් නෑ..බය වෙන්න එපා ම්ම්..'

''හ්ම්..මම ප්‍රශ්නයක් අහන්නද මහත්තයා ??''

"අහන්නකෝ බලන්න.."

"ඇයි මට මෙහෙම සලකන්නේ..ඉස්සර මහත්තයා නපු..රුයිනේ.."

ස්නේහ ටිකක් පැකිලීමකින් කියද්දී යීබෝගේ මූණේ ඇදුණෙ හිනාවක්..යීබෝ ලගදිම මේ ප්‍රශ්නේ බලාපොරොත්තු උනා..

"කවුද කිවුවේ මම දැං නපුරු නෑ කියලා.."

"ඒත්..මේ..මහත්තයා මට බනින්නේ නෑනේ.."

"වෙන්න පුලුවන්..සමහරවිට කියන්න බැරි දැනෙන්න ඕන හේතුවක් ඇති ස්නේහ !"

යීබෝ ඉස්සරහ බලාගෙන කිවුවේ සැහැල්ලු විදිහට හුස්මක් අරගෙන වෙද්දි ස්නේහ යීබෝ දිහා බැලුවා..මොකක්ද දැනෙන්න ඕන දේ..ස්නේහට ප්‍රශ්නයක්..උත්තරයක් දන්නවා උනත් ඒක ප්‍රශ්නයක් !!

"මට තේරෙන්නෑනේ.."

"ම්ම්..ඔයාට තේරෙන්නෑ ස්නේහ.."

"මහත්තයා ඇයි මෙහෙ ?"

"මමද..ම්ම් කෙනෙක්ව බලන්න ආවා.."

"කෙනෙක්ව ??"

"ඔව්.."

"ඉතිං බැලුවද.."

"හ්ම්..බැලුව විතරක් නෙවෙයි එයත් එක්ක මල් වැටුණ පාරක ඇවිදගෙන යන ගමන් ඉන්නේ.."

ඉතිං ස්නේහගේ මූණට හිනාවක් ආවේ නොදැනිම..ස්නේහ දිහා බලන් ඉන්න යීබෝගේ මූණෙත් තිබුණේ හිනාවක්..

ආදර මායාව 🥀Where stories live. Discover now