02

418 84 46
                                    

"මොනවා හරි කරලා එයාලව නවත්තන්න වෙනවා ගුරුදේව්..එයාලා ගියොත් අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු පලිගැනීම මට සම්පූර්ණ කරගන්න බැරි වෙලා යනවා..."

"මේකට මොනවහරි දෙයක් කරන්න වෙන්නෙත් ඔයාටම තමයි ආර්‍යන්..එයාලව යවන්න නෙවෙයි අනිත් අයත් අපි මෙහෙට ගෙන්න ගන්න ඕන.."

"ඔව් ගුරු දේව්..හරියටම අනිද්දා වෙද්දි තමයි සම්පූර්ණ බලය ලැබෙන්නේ..එතකං මට තියෙන්නේ වෙස් ගන්න පුලුවන් බලයක් විතරයි..ඉතිං මම ඒක පාවිච්චි කරන්නම්.."

"දෙවියන්ගේ ආශීර්වාදය ඔයත් එක්ක තියෙනවා ආර්‍යන්..දැං යන්න..ජය බෝලෙනාථ් !!"

         *       *       *        *        *        *         *


"එක්කෝ අපිට බංගලාවේ ඉන්න තිබ්බේ බං..බලපං තාම අර කිව්ව වාහනේ නෑනේ.."

පැය බාගයක් තිස්සේ ඉස්සරහට ඇවිදන් ආවත් ඩෑඩ් එවනවා කිව්ව වාහනේ නැති වෙද්දි කරන් කෑ ගැහුවේ මම ආයම ඩෑඩ්ට කෝල් එකක් ගන්න හදද්දි..ශිට් මේ මගුලේ ඕන වෙලාවට සිග්නල් නෑනේ..

"ඒ රාජ්..අර බංගලාවේ හිටපු කොල්ලා.."

"ඉතිං ??"

"ඌ පට්ට ලස්සනයිනේ බං..කෙල්ලෙක්ගෙවත් ඒ වගේ ලස්සනක් දැකලා නෑ.."

රෝහිත් කියද්දී මම හිනා උනේ කට කොනකින්..මොකද ඇත්තටම ඌ ලස්සනයි..

"ඉතිං උබට ඌව ඕනෙද.."

කරන් රෝහිත්ගෙන් අහපු දේත් එක්ක මගෙ අත් මිටමෙලවෙද්දි මට හිතාගන්න බැරි උනා ඇයි මම ඒකට තරහ ගන්නේ කියලා..ඌ කවුද කියලා වත් මම දන්නෑ..මට වැඩකුත් නෑ..

"එහ්..අන්න වාහනයක් එනවා.."

රෝහිත් කියද්දිම වාහනයක් ඇවිත් අපි ඉස්සරහින් නැවැත්තුවේ ශටර් එක පාත් කරන ගමන්..

"සර්..නගින්න.."

"තමුසේ කවුද ?? මම මීට කලින් දැකලා නෑ ??"

මම ඇහුවේ ඩ්‍රයිවගෙන්..තාත්තට මේ වගේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා කියලා මම දැකලා නෑ..

"මාව මලික් මහත්තයා තමයි එව්වේ..නගින්න සර්.."

"නගිමු බන්..මට බෑ මදුරුවෝ කකා ඉන්න..රාජ් නැගපං.."

ආදර මායාව 🥀Where stories live. Discover now