19 කොටස

1.1K 170 51
                                    

" නෑ නෑ ආයෙ කතා ඕනි නෑ ඒක ගැන.. ඒ අයියා අද එනවා කිව්වනෙ.. "

" මොන වදයක්ද අනේ..!!! "

" වදයක්..!? ඔව් දැන් අපි තමයි වදයක් වෙලා තියෙන්නෙ.. චූටි මේක හොදට අහගන්න.. ඔයාට දැන් අපි මෙච්චරකල් ඕනි ඕනි විදියට නටන්න දුන්නනෙ.. දැන්වත් අපි කියන දේ අහන්න පුරුදු වෙන්න..! තරහකට නෙවෙයිනෙ කියන්නෙ.. මං ආයෙ මතක් කරන්නෑ ලිට් ක්ලාස් ඉවර වුණු ගමන්ම ගෙදර එන්න ඕනි අද..!! අරහෙ මෙහේ රවුම් ගහලා අහුවෙන්නෑ..! "

අම්මා කෑගහද්දිම මං ආවා සාලෙට.. එපා වෙනවනෙ මගුල..! පොඩ්ඩක්වත් මට ඇහුම්කන් දෙන්නෑනෙ.. මං අහන්නෙ දැන් ඔය මං අකමැත්තෙන් ක්ලාස් එකක් කරන්න ගන්න එක වැඩක් තියෙද..!? නෑනෙ නෑනෙ.. ඒක තේරුම් ගන්නෑනෙ මේ මිනිස්සු.. දැන් කරන්න තියෙන්නෙ ඔය එන එකාට වදයක් වෙලා ඌටම එපා වෙලා නවතින තැනට වැඩ කරන එක.. වෙන කරන්න දෙයක් නෑනෙ ඉතින්..

" නෑ නෑ උදේ යන්න පිස්සුද බං..! බයෝ නෙ.. ක්ලාස් එකෙන් පස්සෙ යමන්.. කවීන්ලා එහෙම ඉන්නවනෙ.. "

සාලෙට එද්දි මහ පගයා කාත් එක්කද කෝල් එකක්.. ෆෝන් එකත් කනේ ගහන් බත් කනෝ.. ඔය ඕකා අද ක්ලාස් ඉවරවෙලා ඉස්කෝලෙට යන්න ඉන්නෙ.. අර මොකෙක්ද හත්වලාමක් අද එන්නැත්තන් මාත් යනවනෙ යකෝ ඉස්කෝලෙට.. වැඩක් නෑ කතාකරලා..!

මං ඌටත් රවාගෙනම බෑග් එකත් අරගෙන එළියට ආවා.. උදේ පාන්දරම අර කොහෙවත් යන උට්ටෙක් හින්දා මගේ ලේත් කෝප වෙලා තියෙන්නෙ..! ආවදෙන්කො අද ඕකා.. ගෙදර බල්ලෙක්වත් නෑනේ රෙද්ද.. හිටියනම් ඌව ලිහලා තියන්න තිබ්බා කාපිය කියලා..!

" චූටි ඔය කොහෙද යන්නෙ කන්නෙ නැතුව..? "

අම්මා කෑගහද්දිම මං බයිසිකලේ අරන් හරව ගත්තා.. කන්නම තමයි පුලුවන්..!

" චූටි කියන එකක් ඇහෙන්නැද්ද ආ..? පුතේ මං මේ හොදින් කියන්නෙ කරුණාකරලා ඇවිත් කාලා යන්න මාව තරහ ගස්සවන්නැතුව..!!! "

" මට ඕන්නෑ කන්න..! "

අම්මා එළියටම බත් පිගානක් බෙදන් ඇවිත් කටක් ළං කරාම මං කිව්වෙ.. මට දැන් කවුරුත් එක්කම තරහ ගිහින් ඉන්නෙ..!

" ඔච්චර හිතුවක්කාර වෙන්නෙපා ළමයො..! මං තාත්තට කියනවා හරිද..!! කෝ අරිනවා කට..! හොදින් කිව්වට තේරෙන්නෑනෙ.. "

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now