07 කොටස

1.2K 178 104
                                    

" තමුසෙ මොකද මෙතන..!? "

නිසිනු දුවපු දිහා බැලුව ටිකට මග පගයයි උගේ බේසික යාලුවයි ඇවිල්ලා.. මූ මොන මගුලකටද මේ උරුලෑවව මෙහේ එක්කන් එන්නෙ..!

" ඇහෙන්නැද්ද..? තමුසෙ කොහෙද ඔය යන්න හැදුවෙ..? "

" ආච්චිට හාල් ගරන්න යන්න හැදුවෙ.. උබත් එන්නද අහන්නෙ..? "

ඕනි නැති පකක් නෑනෙ මුටත්.. මං එහෙම කිව්වම අර සෙහදු බේසිකයා කින්ඩියට හිනා උනා.. අනේ ඉතින් මට පකද..

" මගුලක් නොකියා එහාට පලයන් චූටි..! අපිට ඇතුළට යන්න.. "

" මූ මොකෝ මෙහේ ? "

මහ පගයා එහාට යන්න කිව්ව එක ඇහුණෙ නෑ වගේ මං ඇහුවෙ.. සිරාවටම අද මොකෝ දන්නෑ මේ සෙහදුවා අපේ ගෙදර ඇවිත්..

" ඇයි උට එන්න උබෙන් අවසර ගන්න ඕනද !? "

නෙදකින් විතරක් ගොන් බල්ලා..!! අර සෙහදුවත් හිනා උනා.. දෙන්න හිතෙනවා හොම්බ සමතලා වෙන්න..!

" එහාට වෙයන්.. "

අරූ මාව තල්ලු කරන් සෙහදු බේසිකයා එක්ක ගේට්ටුවෙන් ඇතුළට බයිසිකල් දෙක දැම්මා.. යකෝ මූ..!! මාව තල්ලු කරන්න..!? එහෙම කොහොමද මාව තල්ලු කරන්නෙ..! මං විදගෙන ගියා මහ පගයගෙයි බේසිකයගෙයි ඇගේ වැදීගෙන..

" මොන හු_! "

බේසිකයා විසිවෙලා ගියා.. කුණුහරුපෙකුත් කටින් පනින්නද කොහෙද හැදුවේ..

" චූටි..!! පිස්සු හැදිලද ඕයි..!? "

මහ පගයා කෑගහද්දි මං ආවා ඇහුන්නෑ වගේ.. මේක පුදුම මගුලක් උනානෙ..! මලිත්ට ගහද්දී ඇයි චංචලා අඩන්නෙ වගේ සීන් එකක් දැන් මේක..
මං බේසිකයගෙ ඇගේ හැප්පුනාම ඇයි මහ පගයා කෑ ගහන්නෙ..!?

මං ගේ ඇතුලට ඇවිත් බැලුවා අර පන කඩාගෙන දුවපු නිසිනු පගයා කෝ කියලා.. යකෝ ඌ පේනතෙක් මානෙක නෑ..! කොහේ ගිහින්ද බං මූ.. දැන් ඌව හොයන්නත් බෑ.. සෙහදු බේසිකයත් ඉන්නොනෙ..

" කෝ අද ඇන්‍ටිලා නැද්ද බන්..? "

බේසිකයා ගෙට ගොඩවෙද්දිම එහෙම අහන් ආවෙ..

" අපේ ගෙදර ඇන්ටි ලා නෑ අයියෙ.. එක ඇන්ටි කෙනයි ඉන්නෙ.. අනිත් කෙනා අංකල් කෙනෙක්..! "

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now