10 කොටස

1.3K 177 137
                                    

කොහොමහරි අයියගෙ පැත්තට වෙලා මං සන්ලයිට් බේසිකයට එහෙම කිව්වම පොර මට මැදැගිල්ල දික් කරා.. ඔව් ඉතින් ඌ දන්නෙ එච්චරයිනෙ.. සිරාවටම මං මේ නිසිනුවා එක්ක එකතු වෙලා සෙහදු අයියට කියන කතා වලට වෙන එකෙක්නම් අපි ඉවරයි මෙලහකට.. මූ හැබැයි හොද එකා කොහොම උනත්.. එක වචනයක් කියන්නෑනෙ අපිට.. වැඩිම උනොත් මැදගිල්ල දික් කරලා පාඩුවේ ඉදීවි..

" අඩෝ අඩෝ මොකක්ද ඒ අපි නොදන්න පොල් ගහන සීන් එක..!? "

මහ පගයා එක්ක උගෙ අහවල් මණ්ඩලේ උන් ටිකට යනවා කියාගෙන එද්දි මට ඇහුණෙ කවීන් අයියගෙ කටහඩ.. සන්ලයිට් බේසිකයා උන්ට කියලා නෑ එහෙනම් මං උගෙ අරක කුණුවෙලා වැටෙන්න පොල් ගහනවා කිව්ව සීන් එක.. සැක්.. පවු හැබැයි..

අම්මෝ ඊටපස්සෙ අපි ගෙදර ආවා කපිල අංකල් එක්ක.. ගෙදර ඇවිත් ඉතින් කෙලින්ම රූම් එකට ගියා..

" චූටී ලාවට හරි වොශ් එකක් දාගමු නේද..!? "

මාත් එක්කම රූම් එකට ආව අයියා කිව්වම මං ඔලුව වැනුවා.. ඉස්කෝලෙ ගිහින් ආව නිසා දඩිය ගදයිත් එක්ක.. එහෙන් උන.. වොශ් දාගන්නත් ඕනි.. ඒත් සීතලයිත් වගේ.. පුදුම කරුමයක් උනානෙ මේක..!

" ඉදපන් මන් එන්නම්.."

ඌ ආයෙත් ගියා.. සපත්තු ගලවලා එන්න වෙන්නැති.. ඒත් ඌ එනකන් මට ඉන්න බෑ.. ඒ නිසා මං වැනි වැනි බාතෘම් එකට ගිහින් දොර වහගත්තා.. ගිහින් ඇරියා ශවර් එක..

" චූටී..!! මේ දොර ඇරපන්..! "

" මං ඇග හෝදනෝ..!!!! "

මං කෑගහලා කිව්වා අයියට.. ඇහුනද දන්නෑ හැබැයි.. හඩ පිටවෙන්නෙත් හිමීටනෙ..

" චූටී..!!?"

" මං ඇග සෝදනෝ අනේ..!!!!! "

" ඇල් වතුර වක්කරගෙන එහෙම අහුවෙන්න එපා චූටි හොදේ..! තමුසෙ මගෙන් මැරුම් කනෝ..!! "

හුටා..! මහ පගයා කියද්දිත් මං ශවර් එකට ඇග අල්ලන්.. වෙව්ලනොත් වගේ හැබැයි.. කමක් නෑ මැරෙන එකක් නෑනෙ.. මං එහෙන්මම ශවර් එක වහලා හොට් වෝටර් දාගත්තා.. නැත්නම් අරූගෙන් අම්බානෙකට අහගන්න වෙනෝ.. ටිකක් වෙලා ඉදලා මං ටවල් එකත් ඇදන් බාතෘම් එකෙන් එළියට ගියා.. මගෙ ඇස්තුත් රතු වෙලා මං හිතන්නෙ.. ඔලුවත් කරකැවෙනො වගේ.. යද්දි මහ පගයා ඉන්නො මලයකා වගේ අත් දෙකත් බැදගෙන..

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now