04 කොටස

1.4K 222 64
                                    

අම්මා ඊයෙ කිව්වා වගේ අපි මේ අද එලියට යන්න හදන්නෙ.. මං ආෆ්ටර් ස්කූල් කරාතෙ ප්‍රැක්ටිස් ඉදලා ඇවිල්ලත් ඉක්මනට ලෑස්ති උනා.. ඒත් මෙයාලා තාම ලෑස්තියක් නෑනෙ..

" ඉක්මන් කරන්නකෝ අනේහ්..! "

එපාවෙනො අප්පාහ්.. මගුල් ගේක යන්න වගේ ලෑස්ති වෙනෝනෙ රෙද්ද.. මං විතරයි වෙලාවට කලාවට වැඩ කරන එකෙක්ට ඉන්නෙ..! ගෙදර මිනිස්සුන්ට හිතින් බැන බැනම මං සෝෆාවට වැටිලා අම්මගෙ ෆෝන් එක ගත්තා.. හැබැයි මේ මගුල අරන් ඔබනවට වෙනම ගානක් දෙන්නෝනෙ.. අම්මගෙ ෆෝන් එකේ අඩුමතරමෙ අර නයා ඇදෙන ගේම් එකක්වත් නෑ..! ගැලරිය ඕපන් කරත් සම්පූර්ණයෙන්ම තියෙන්නේ වැඩකට නැති හත්වලාමවල්.. ඔය එක්ස්රේ වල ෆොටෝස්නුයි බෙහෙත් රිසිට්නුයි.. මං හිතන්නෙ වට්සැප් වලින් කට්ටිය එවපු ඒවාත් මේ ගැලරියට සේව් වෙලා.. මං එහෙම්ම ඇපල් ස්ටෝර් වලට ගිහින් පියානෝ ටයිල්ස් ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.. අම්මගෙ චූටි පුතා මිනීමරන ගේම් ගහන්නෑ..! ඒකට අපේ මහ පගයා.. පබ්ජි පබ්ජි කටේම පබ්ජි නැත්තන් ෆ්‍රීෆයර්.. හැබැයි ඌ ඕලෙවල් වලින් පස්සෙ ගේම් ගහන එක නැවැත්තුවා.. පොරට ඒලෙවල් ඌෂ්ණෙ ගැහුවා ලෙසටම.. තව ඉතින් ඉස්කෝලේ පට්ටමකුත් හම්බුනානෙ..

Calling ~

Unknown Number

මොන මගුලක්ද..! අතේ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තම මං මුල්ම කෝල් එක කට් කරා.. යකෝ මුන්ට දැන්මම ගන්නෝන උනානෙ රෙද්ද.. මගේ පියානෝ ටයිල්ස්නුත් ඩවුන්ලෝඩ් වෙන ගමන්.. ඩේටා ස්ලෝ අප්පාහ්..

Calling ~

Unknown Number

අනේ උට්ට..!

" අම්මේ.... කෝල් එකාආආආආක්..!!! "

කෑගහගෙන් මං නැගිටලා උසේන් බෝල්ට් වැහිලා වගේ අම්ම හොයන් දිව්වා.. හදිස්සියේවත් හොස්පිටල් එකෙන්ද දන්නෑනෙ.. මල හුයන්නක් වෙන්නෙ ඉස්සෙල්ලා කෝල් එක කට් උනා කියලා දැනගත්තොත්.. මං කාමරේට දුවද්දී අම්ම ඔලුව පීරනෝ..

" කවුද චූටි..? "

" Unknown Number එකක් "

කියන ගමන් මං ෆෝන් එක දෙන්න හද්දිම රෙද්ද කට් උනා යකෝ.. කෝල් එක කට් වෙලා ඊලගට ස්ක්‍රීන් එකේ වැටුනේ ගේම් එක ඩවුන්ලෝඩ් වෙලා කියලා.. අම්මා ෆෝන් එක අතේ තියන්ම මං දිහා බැලුවම මං ක්ශනිකවම එතනින් චුත වෙලා ආවා..

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now