12 කොටස

1.5K 194 96
                                    

" අඩෝ සෞම්‍ය අයියේ වරෙන් පොල් අත්තක් වියපන්.."

මං මහ පගයගෙ අස්සෙ ඉදන් ගොම්බිලියා දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉදිද්දි පොල් අත්ත විය විය හිටිය කවීන් අයියා ගොම්බිලියට එහෙම කිව්වා.. යකෝ පොල් අතු නෙවෙයි සිරාවටම මූව එකපාරටම දැක්කාම මං උඩ විසිවුණා..! ඇයි ඉතින් ඉස්සෙල්ලා මං අරම කියල තියෙන්නෙ ගොම්බිලියටනෙ.. හැබැයි ඌ මුකුත් කිව්වෙ නම් නෑ..

" මට උබලට වගේ වියන ඒවා නම් බෑ බන්.."

ගොම්බිලියා හිනා වෙවීම එහෙම කිව්වෙ..

" අඩෝ බොරුව එපා බන්.. උබලත් මේවා කරන්න ඇතිනෙ..! "

කවීන් අයියත් දැන් පොල් අත්ත පැත්තකට දාලා අරූ එක්ක කතාව.. යකෝ ඕක වියපන්..!! ගොම්බිලියො එක්ක කතා ඕන්නෑ..

" මූට ඊට වඩා වැඩ තිබ්බ බං කරන්න ඒ දවස්වල.. "

අපේ මහ පගයා අරූට කින්ඩියක් දැම්මෙ.. ඒ මොකක්ද ඒ සීන් එක..

" හම්මට ඔව් නෙ.. මට දැන් මතක් උනේ..!! "

කවීන් අයියා එහෙම කියලා හිනාවෙන්න ගනිද්දී ගොම්බිලියා 'අඩෝ එහෙම නෑ බං' කිව්වා..

" ඒ උබ නේ දැන් කරාතෙ ප්‍රැක්ටිස් කරන්නෙ..? "

මහ පගයා එකපාරටම මතක් වෙලා වගේ එහෙම ඇහුවම ගොම්බිලියා මගේ දිහා බැලුවා..

" ඔව් බං.. සෙන්සෙ ටික කාලෙකට බාරදුන්නා.."

යැයි යැයි තමයි.. කිව්ව හැටි.. ඉදපන්කො ගෙදර ගිහින් මූගෙ ගැන මහ පගයට කියන්න ඕන..

" මේ මූව අදුරනවා ඇති එහෙනම්.. "

කවීන් අයියා අත දික්කරලා මාව පෙන්නද්දි මං ඌට රැව්ව එකසියගානට..

" ඔව් අගසස් නෙ.. "

" අගසස්..!? අගසස් නෙවෙයි බං අගහිස්.. "

අනේ උට්ටො..!!!!!!!! මොන ලැජ්ජාවක්ද මේ.. ගොම්බිලියත් හිනා උනා.. අපෙ අයියා දිහා බැලුවම ඌත් හිනාවෙනෝ.. මං එහෙන්මම වියලා තිබ්බ පොල් අත්තක් අරන් අර කවීන් පගරයට දමල ගැහුවා.. මුන් ඔක්කොම එකයි බලන් ගියාම.. වැඩක් නෑ කතා කරලා.. හොද වෙලාවට නිසිනුවයි සුභාෂයයි ටිකක් එහාට වෙලා පොල් අත්තක් වියනෝ.. නැත්තන් ඕකුන් හැක හැක ගාලා මගේ රෙදිත් ලෙප්ට් වෙන්න තිබ්බා..!

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now