11 කොටස

1.3K 184 58
                                    

" ප්‍රිෆෙක්ට්ස්ලා හැමෝම හෙට ඒ කියන්නේ සෙනසුරාදා උදේ 9 ට ඉස්කෝලෙට එන්න ඕන.. උබලා ඔය බාරගත්ත දේවල් එහෙම තියෙනවා නම් ඒවා ගෙනෙන්.. මේන්හෝල් එකේ කවීන් ඉදීවි.. "

උදේ නැගිටලා ඇදේ ඉදන්ම ෆෝන් එක ඔන් කරලා වට්සැප් මැසේජ් බලද්දි මුලින්ම දැක්කෙ මහ පගයා ප්‍රිෆෙක්ට්ස්ලගෙ ගෘප් එකේ දාලා තිබ්බ මැසේජ් එක..! අඩේ අද ක්ලාස්නෙ ඕයි.. මොකක්ද දැන් කරන්නෙ.. මං පටස් ගාලා ඇදෙන් පැනලා බෙඩ්ශීට් කොට්ට සේරම අරන් මගේ රූම් එකට ගිහින් ෆෝන් එක චාර්ජ් වෙන්න දැම්මා.. ඊයෙ අරූගෙ රූම් එකේනෙ හිටියේ.. ෆෝන් එක චාර්ජ් කරන්න බැරි උනා ඒනිසා.. ඊට පස්සෙ පහළට යද්දි මහ පගයා ඉන්නෝ බත් කකා ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් ටීශර්ට් එකත් ඇදගෙන..

" ඒ අයියෙ අද මට ක්ලාස් දෙකක් තියෙනෝනෙ.. අනිවා ඉස්කෝලේ යන්න ඕනිද..? "

මං දුවලා ගිහින් මහ පගයගෙ එහා පැත්තෙන් වාඩිවෙලා ඇහුවම ඌ බත් කටක් කන ගමන් මගේ දිහා බැලුවා.. දැන් ඉතින් උත්තරය ගන්න ඌ ඒක ගිලිනකන් ඉන්න එපැයි..!

" උබ නවයටම යන්න ඕන්නෑ.. උදේ ක්ලාස් එකට පලයන්.. ඒකෙන් පස්සෙ වරෙන්.. මාත් උදෙන් යන්නෑ.. "

" ඔයා ක්ලාස් යනෝද..? අවුලක් නැද්ද..? උබනෙ ඕයි හෙඩා.. "

" අවුලක් නෑ බං.. උදේ ෆිසික්ස් එකනෙ.. සන්ලයිට්නුයි මායි දවල් වෙලා යනෝ ඒ නිසා.. ෆිසික්ස් ක්ලාස් කට් කරගන්න බෑ බං.. ඒ වතුර එකක් ගෙනෙන්කෝ.. "

මහ පගයට හිරවෙලාද කොහෙද.. කොහෙද ඉතින් පොඩි කාලෙ ඉදන් කොච්චරවත් කිව්වට අහන්නෑනෙ කනකොට කතාකරන්න එපා කියලා..! මං නම්_ නෑ අපි ඒක ගැන පස්සෙ කතා කරමු..!!

" ඒ චූටි වතුර එකක් ගෙනෙන්කෝ.. "

" තමුසෙට කකුල් තියෙනෝනෙ.. නැගිටලා ගිහින් ගන්නෝ.. "

ඇයි යකෝ.. මං වැඩකාරයෙක්ද..!

" ඉදපන් තොට මං කිසි උදව්වක් කරන්නෑ.. වරෙන්කෝ ආයෙ ඇයියේ ගාගෙන..! රෑට මගෙ රූම් එකට කොට්ට මෙට්ට එහෙම උස්සන් ආවොත් එහෙම_ "

" ආ ඉන්නෝ ඉන්නෝ.. මං ගේන්නම්..! "

සැක්..! මං ඉතින් නැගිටලා ගියා මහ පගයට වතුර එකක් ගේන්න.. නෑ ඉතින් මෙහෙමනෙ, ඌව ශේප් එකේ තියාගන්න ඕන.. ඊයෙත් Llorona ට බයේ ඌ ගාවටනෙ ගියේ..

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now