17 කොටස

1.3K 156 85
                                    

" ලොකූ අර මල්ලි කිව්ව කතාව ඇත්තද..? "

" මොන..? "

" අර ගෑනු ළමයෙක් ගැන මොකක්ද කිව්වෙ.. "

උදේ නැගිටලා මං කිචන් එක පැත්තට යද්දි ඇහුණෙ එහෙම.. මේ මොකද මේ..? මං කවද්ද අම්මට ගෑනු ළමයෙක් ගැන හරියටම කිව්වෙ..?

" ඌට පිස්සුනෙ..!! "

" මං දන්නෑ ඉතින් ඇත්ත නැත්ත.. අපි වැඩිය ගෙදර රැදුණෙ නැතාට මුකුත් නොදන්නවා කියලා හිතන්න එපා..! "

අම්මා මගේ දිහත් බලලා කිව්වෙ.. මේ මොකද මේ..? මං අහිංසකයිනෙ.!

" චූටි තේ බීලා ලෑස්ති වෙන්න ඉස්කෝලෙ යන්න.. "

අම්මා මගෙ අතට මග් එක දෙන ගමන් කිචන් එකෙන් එළියට ගියා.. මං එහෙන්මම පැන්ට්‍රිය උඩින් වාඩිවෙලා බැලුවෙ මහ පගයගෙ දිහා.. ඌගෙ මූනත් නිකන් අහක බලන් දාපු කිකිළි බිත්තරයක් වගේ වෙලා..

" ඒ අයියෙ මොකක්ද බං ඒ වුණේ..? "

" අනේ මන්දා බං.. ඇත්ත කියපන් උබ මොනවහරි අම්මට කිව්වද..? "

" පිස්සුදෝයි..!! මට වෙන වැඩ නෑ කියලා හිතුවද.. "

මං කිව්වම අයියා ටිකක් කල්පනා කරනො වගේ බලන් හිටියා.. සිරාවටම ඒ වගේ චීත්ත වැඩ කරනවට වඩා මට වැඩ තියෙනො..

" මේ චූටි..! "

" ඕ කියහන්.. "

" මේ සිරාවටම මං කෙල්ලෙක්ට නෙවෙයි කැමති කොල්ලෙක්ට කියලා දැනගත්තොත් මොකක් වෙයිද බං..? "

අයියා හෙන සීරියස් මූඩ් එකකින් ඇහුවාම මාත් ටිකක් කල්පනා කරා.. හැබැයි ඉතින් අනේ මන්දා.. ලොකු අවුලක් වෙන එකකුත් නෑ..

" අවුලක් වෙන එකක් නෑ.. ඕන්නම් ටිකක් බනියි.. උබව එලවන්නෑනෙ අයියේ.. එලෙව්වත් මොකෝ ඉතින්.. ඊලගට මටනෙ යකෝ මේ ඔක්කොම..!!!!! "

මං ඇහිබඹකුත් නටව නටව කියද්දි අරූ මට ගහන්න වගේ පැන්නා..

" සිරාවටම යකෝ මං අහන්නෙ..! "

" හරි ඉතින් තමුසෙ කොල්ලෙක් ගෙනෙන්.. මං කෙල්ලෙක් ගේන්නම්.. එතකොට ශේප් නෙ.. "

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now