ආයෙමත් ආදරෙන් 28

626 102 8
                                    

පාට පාට සමනළයෝ, බත් කූරෝ, මී මැස්සෝ වගේ පුංචි පුංචි සත්තු මැද්දේ කැලෑ මල් සුළඟට වැනෙද්දි,මුළු කන්දටම තිබ්බ එකම,උසම ගහ යෝධයෙක් වගේ හතර දිග් බාගෙටම පේද්දි,ඒ ගහට තනි රකින්න වගේ ආදරවන්තයෝ දෙන්නෙක් පුළුවන් හැම වෙලාවකම ඒ කඳු මුදුනට එද්දි.ඒ ආදරවන්තයින්ගේ පුංචි පුංචි දඟ වැඩ නිසා කහ පාට මල් පුරෝ ගත්ත යෝධයා ඉඳහිට ඇඹරෙද්දි,කහ පාට මල් පියලි ඒ ආදරවන්තයෝ දෙන්නගේ සිගොළග සිපගෙන කඳු මුදුනෙ බිම සිප ගද්දී...... නිදහසේ ඉගිලෙන අලුතින් තටු පණ ගහන් ලෝකෙ දකින්න සැරසෙන පුංචි හිත් දෙකකුත් මේ කතාවට තනි රකින්න එකතු උනා.....

නාඹර වයසේ හිත් දෙකේ වගේම අර පුංචි සමනල් වයසේ හිත් දෙකෙත් කප්පරක් බලාපොරොත්තු තියෙන්න ඇති, තම තමන්ගේ වයස් වලට ගැළපෙන්න. බොළඳ උනත් පරිණත උනත් බලාපොරොත්තු කියන්නේ බලාපොරොත්තු වලට.ඒත් ඒ කතාවට අවසානයක් නැතුව කොහොමද බලාපොරොත්තු ඉෂ්ට වෙන්නෙ.ඒත් අලුත් ආරම්භයක් එක්ක ඒ හිත් හතරට තව අවස්ථාවක් ලැබුණා.........ආයෙත් හීන දකින්න, කප්පරක් බලාපොරොත්තු පොදි බැඳ ගන්න.දැන් ඒ හිත් වලට ඕන අලුත් කතාවේ අවසානය ලස්සන අවසානයක් කරන්න මිසක් ආයෙත් වැළලිලා යන්න නෙවෙයි.

"මොනාද තූර්ය කල්පනා කරන්නේ"

"දේව්ගෙයි, අභීගෙයි කතාවේ මොකක්ම හරි අතපසු වීමක් තියෙන්න ඇති,ඒත් අපේ කතාවට පුංචිම හරි වැරද්දක් වෙන්න නොදී ඉමු තේව්, මේ පාර අපේ කතාව ලියවෙන්න ඕන අපිට ඕන විදියට. අපේ වටේ අපි වෙනුවෙන් ගොඩක් අය ඉදී. ඒ නිසා අපි දෙන්නා අසරණ වෙන්නෙ නෑ කියල මට විස්වාසයි "

"කවුරු නැතත් අපිට අපි ඉන්නවනේ"

"ම්ම්ම්, අපි දැන් යමුද අම්මලා අපි කොහෙද කියලා හොයයි"

මෙච්චර වෙලා තුරුල් වෙලා හිටපු ඒ පපුවෙන් ඈත් වෙලා මං ඇදේ ඉඳ ගද්දී එයත් නැගිටලා මගේ ළඟින් ඉඳ ගත්ත.

"මේ දැන් ඉඳන් සිද්ද වෙන ඕන දේකට මූණ දෙන්න හිත හයිය කර ගන්න, හිත දුර්වල කර ගන්න එපා හොඳද,අඬන්නත් එපා, ඕන දේකට මං ළඟින් ඉන්නවනේ ම්ම්ම්ම්.... තේරුනාද"

මගේ නළලත් ඉබලා, ඔළුවත් අත ගගා එහෙම කිව්ව තේව් මගේ අතින් අල්ලගෙනම නැගිටලා එළියට ආවේ දිනූ ඇන්ටිලාගේ ගෙදරට යන්න.අපි දෙන්නා එද්දිත් අම්ම වගේම, ඇන්ටිලා දෙන්න සාලෙ ඉදගෙන කතා කරන ගමන් හිටියෙ. අපිව දැක්ක ගමන් එයාලගේ කතාව නතර වෙද්දි අම්ම අඩාගෙන ඇවිත් මාව බදා ගත්තේ තේව් මගේ අත අතෑරලා ටිකක් එහාට යද්දි.....

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now