මඟ දිගට එද්දී කඩා ගත්ත පුංචි කැලෑ මල් දෙක තුන තේනුගේ අතට තද වෙලා පොඩි වෙලා එයා ලඟම බිම වැටිලා, අපි එනකන් එයා නැවතිලා හිටියෙ බිම බලාගෙන.
"මල්ලි"
"තේනු"
"මං හොදින් අවුලක් නෑ"
අපි දෙන්නම කතා කරද්දී ලොකු හුස්මක් ගත්ත තේනු ඒක පිට කරල මූණට හිනාවක් අරන් එයා හොඳින් කිව්වත් අපිට හොඳටම තේරෙනවා ඒක බොරුවක් කියලා.
"හැමදේම තනියම විදගෙන උබ හොඳින් කියල බොරුවට පෙන්නන්න හදන්න එපා යකෝ, මං උඹේ අයියා,මට උබව තේරුම් ගන්න බෑ කියලද හිතන්නේ"
"නෑ අය්යේ ඇත්තටම මම හොඳින්"
"උබ හැමදාම කරේ උඹේ දුක, ප්‍රශ්න හංගන් අනුන් වෙනුවෙන් නැහුණු එකනෙ, දැන් වත් උබ ගැන හිතපන්,උබට ඕන නම් ඇති තරමක් අඩපන්,මටයි,තූර්යටයි කියන්න බැරි දෙයක් උබ ළග නෑනෙ "
තේනුව බදාගෙන තේව් කියද්දි මං තේනුගේ පිට හෙමින් අත ගෑව,තේව් කියන්නේ ඇත්ත,තේනු අපි ගැන හිතන තරම් එයා ගැනවත් හිතන්නේ නෑ.
"ඒ කෙල්ලව බයික් එකේ දාගෙන ගියා කියල අපිට හිතන්න බෑනේ අරුල් අයියා එයාට කැමතියි කියලා,ඔයා එක්ක කතා නොකර ගියාම එයා සෑහෙන අවුල් උනා, අපි එක්ක කතා කරත් ඇස් දෙක තිබුණේ ඔයා ළඟ. ඒ නිසා ඕනවට වඩා හිතන්න එපා තේනු"
ඔන්න ඉතින් මෙච්චර වෙලා තේව්ගෙ පපුව අස්සේ ගහන් හිටපු මූණ උඩට ඉස්සුනා.
"ඔය ඇත්තමද තූර්ය"
"ඔව් ඔව් අපි දැක්කනෙ, අපි එක්ක කතා කරත් සිහිය තිබ්බෙ ඔයා ළඟ"
එතකොට නම් පුංචි හිනාවක් ඇදුනා මූණේ.
"තවත් ලතවෙන්නේ නැතුව හෙට වත් කතා කරපිය අයිය එක්ක, උඹේ අයියා කියන්නත් මට ලැජ්ජයි,බලපන් මං මගේ හිත ගත්ත එකාව මගේ කර ගත්ත හැටි"
තේනුට ටොක්කක් ඇනලා ඉවර වෙලා එහෙම කියන ගමන් තේව් මාව ඇදලා අරන් තුරුල් කර ගත්තේ තේනු අපි දෙන්නට දිව දික් කරලා ඇද කරන් ඉස්සර වෙලා යද්දී.
"උබ හෙට ඇහුවෙ නැත්නම් අපි අහනවා හරිද, අර ලෙච්චමී අයියව බැද ගන්නකන් උබ උඩ බලන් ඉඳපන් නැත්නම්"
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ