දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි තරමට මේ වෙද්දී අපි ලං වෙලා කිව්වොත් හරි, ඒකනෙ මගේ නපුරු කුමාරයා මහ රෑටත් මාව බලන්න දුවන් එන්නේ, ඒකෙන් කට්ට කන්නේ අර පැත්තක ඉන්න අසරණය,තේනු එයාගෙ ආදරේ වෙනුවෙන් වත් මෙච්චර නැහෙන්නේ නැද්ද කොහෙද, එයා ඉවසීමෙන් බලන් ඉන්නවා එයාගෙ ආදරේ ලැබෙනකන්, ඒකටත් එක්ක හපන් ඒකාගෙ අනිත් බාගේ, ඉවසීම කොටල පොවන්න ඕන......
ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් අම්මට කෝල් කරලා තේව්ලගේ ගෙදර යනවා කිව්වෙ හිතට ආපු ක්ෂණික සිතුවිල්ලක් නිසා,මගේ මිනිහට මාව තුන් තිස් පැයේම දැක්කත් මදි කියල නහයෙන් අඩන නිසා ඒ අඩන බබාව නලවන්න ටිකක් යන්න හිතුනා,යන පාර දිගට තිබ්බ පුංචි පුංචි මල් දිග නටුව එක්කම එකතු කර කර මං වතු බංගලාවට යන පුංචි කන්ද නැග්ග, මං බංගලාවට නොයා කෙලින්ම ගියේ ඊට පහළ කැලෑ මල් යාය ළඟට, එතනින් තව මල් එකතු කරලා හදා ගත්ත ලස්සන මල් පොකුර එක අතකින් අරන් ගිහින් වාඩි උනේ එතන තිබ්බ බන්කුවෙන්, ඊට පස්සේ ෆෝන් එක අරන් තේව්ට මැසේජ් එකක් දැම්ම එතනට එන්න කියලා, එයාට පුදුම හිතෙන්න ඇති, විනාඩි පහක් යන්නත් කලින් දුවගෙන ආවා, මූණෙන් එකයි හිනාව, මනමාල කම බේරෙනවා.
"තූර්ය.... ඔයා මෙතන...මැසේජ් එක දැක්කට පස්සෙ මට පුදුම හිතුණා, විහිළුවක්ද දන්නෙ නෑ කියලත් හිතන් දුවගෙන ආවේ"
"ඔයාව බලන්න ඕන කියලා හිතුනා. ඔයාටත් මාව බලන්න ඕන කියල හිතුන නිසා මං ඔයාගෙ ලඟට ආවා.ආ.... මේක ඔයාට"
"මල් පොකුරක්"
"ම්ම්ම්"
"අභීමන්, දේව්ට දුන්නා වගේ නේද"
"එයා නම් උදේ පාන්දරනේ මල් ගෙනත් දුන්නේ, අපිට කොහෙන්ද ඉතින් එහෙම වාසනාවක්"
"ඈ... ඒ මොකෝ"
"ඒ මොකෝ අහන්නේ උදේට ඇහැරෙන මිනිහෙක්යැ මට ඉන්නෙ, නැත්නම් මටත් ආසයි උදේ පාන්දර මීදුම මැදින් ඇවිත් මල් පොකුරක් දීලා කිස් එකක් දීල යන්න"
"ඇත්තටම දෙනවද "
"මොකක්ද"
"කිස් එක"
"දෙන්න නම් තමයි හිතන් හිටියෙ, ඒත් එහෙම අවස්ථාවක් එන්නේ නෑනේ"
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ