ආයෙමත් ආදරෙන් 20

1K 151 22
                                    

මීදුම පිරුණු උදේ වරුවක,සීතලේ, පාළු කඳුකරේ පුංචි පුංචි අඩිපාරවල් දිගේ ඇවිදින ගමන් නෙලාපු කැලෑ මල් පොකුරකුත් අරගෙන මගේ නපුරු ආදරවන්තයාව බලන්න යන්න හිතේ තිබ්බෙ පුංචි ආසාවක්.ඒක එදා එයා ඉස්සරහදි කිව්වත්, ඒක කරන්න බැරි වැඩක්නේ.මොකද එයා උදේම ඇහැරෙන්න හරිම කම්මැලි හොර කොල්ලෙක්නෙ,ඒත් ඉතින් කොහොම හරි උදේට එන්නම් කියල එයා කිව්වනෙ, ඒ උනාට පිනි බාලා එයා ලෙඩ වෙනවට මං කැමති නෑනෙ. ඒ ආසාව හිතේ පතුලක හැංගුවෙත් ඒ නිසානේ......

දූවිලි බැඳිච්ච පරණ පොතක් අස්සේ තිබිලා මට හම්බ උනෙත් ඒ වගේම අහිංසක ආසාවල් ටිකක්.තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙපාරක් නොහිතන පුංචි ආදරවන්තයෙක් ගෙ අහිංසක ආසාවල් ටිකක්.එයයි මමයි එක්කෙනෙක් කියන්නත් බෑ..... දෙන්නෙක් කියන්නත් බෑ.....'මා නොවන මම' වගේ. අභී...... මේ බෝල අකුරු අස්සේ හැංගිලා තිබ්බෙම ආදරේ,බලාපොරොත්තු, හීන විතරයි.ඒක හරිම පුදුම ආදරයක්. මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ට මේ තරම් ආදරේ කරන්න පුළුවන් කියල මම දැන ගත්තේ අභීගෙන්......

දුරින් ඉඳන් ආදරේ කරපු හැටි, ආදරේ හංග ගන්න ඕනවට බොරුවට රණ්ඩු කරපු හැටි, ඊට පස්සේ ඒකට දුක් වෙච්ච හැටි හැමදේම ලියල තියෙනව වගේම ආදරේ කියා ගන්න උත්සාහ කරලා ආයෙත් පාඩුවේ හිටිය හැටි පවා ලියල. ඉස්කෝලෙ ගිය අන්තිම දවස එයා දේව් එක්ක කතා කරන්න හදලා, ඒත් ආයෙත් දුරින් ඉඳන් බලා ඉදල.එදා දේව්ව හිතේ තියාගෙන සිංදුවක් කියල ඇස් අරිද්දී ඒ ඇස් හතර එකට ගැටුණු වෙලේ එයාට පිස්සු හැදුනලු.මට මතක් උනේ ඉස්කෝලෙ ගිය පළවෙනි දවසේ මමත් ඒ අත්දැකීමට මුහුණ දුන්න හැටි.

අභීට හිතේ හැටියට දේව්ව බලා ගන්න පුළුවන් උනේ ඉස්කෝලෙ නිසානේ, ඉස්කෝලෙ ගමන ඉවර උනාම එයා පිස්සුවෙන් වගේ දේව්ගෙ මූණ බලා ගන්න හැම තැනම ඇවිදලා. වලව්ව ළඟ ගං ඉවුරට වෙලා දවසම ඉන්න හැටි, වලව්ව පේන මානෙට ගිහින් හොරෙන් බලන හැටි......... අභී කියනව දේව් හරිම කම්මැලි කොල්ලෙක්ලු, මෙච්චර වෙලා කදුළු පෙරපු මමත් කදුළු අස්සෙන් හිනා උනේ මගේ තේව්ව මතක් වෙලා.එයා තාමත් එහෙමම තමයි අභී.හරිම කම්මැලියෙක්.

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now