ආයෙමත් ආදරෙන් 2

1.2K 182 53
                                    

"අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්....

කොළඹ ගෙදර ඉද්දී කෑ ගගහා සින්දු කිව්ව පුරුද්ද නුවරට ආවා කියල එක පාරම නැති වෙන්නේ නෑනේ, ඒත් ඉතින් 'තූර්ය ඔයා වරදක් තමා කරනවා' කියල මගේ හිත මටම කෑ ගැහුවේ වටේ පිටේ ඔක්කොම මගේ සින්දුව අහන් හිටිය කියල දකිද්දී. දිනූ ඇන්ටියි , තිසුරියි අපේ ගෙදර ඇවිත්, පොඩි පගයා උදේම ක්ලාස් ගිහින්නේ.......

"ශා පුතාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ"

"අපෝ එහෙ ඉද්දී ගේ දෙදරන්න කෑ ගහනවා, ඔය ඒ පුරුද්ද තමයි"

"දැන් පුතාව ටියුෂන් ක්ලාස් වලට යවනවා නේද ශාලු, අපේ තිසුරි එක්කම යන්න පුළුවන්නේ, තව ටිකකින් මෙයා ක්ලාස් යනවා "

"මොකද කියන්නේ බබා, අද ඉඳන්ම ක්ලාස් යනවද"

"අනේ අම්ම ලබන සතියේ ඉඳන් යන්නම්"

"මේකා මෙහෙ ආවට පස්සේ කම්මැලි වෙලා දිනූ"

"හැමදේම අලුත් නිසා වෙන්න ඇති, කමක් නෑ හෙට ඉස්කෝලෙ ගියාම අලුත් යාළුවෝ එහෙම අදුර ගත්තම ඕවා හරි යයි"

බවලත් උදවියට කතා කර ගන්න දීලා මං එළියට ආවා.පොඩි කොල්ලා නැතුවත් පාළුයි ඉතින්. ඇන්ටි කියනව වගේ ඒකගෙ නහරයක් වැඩි ද කොහෙද. අපේ ඉස්කෝලේ අයියලත් මගෙන් යාළු වෙන්න අහන්නේ දවස් ගණන් පෙරුම් පුරලා. ඒකට මේකා මං ආව දවසේම මොන හිතකින් ඇහුවද මන්දා වේකන්සි ගැන.මොනව උනත් ඒකව දැක්ක ගමන් මගේ හිතත් පොඩ්ඩක් හෙලවුනා තමයි, හැබැයි ඒකා කට ඇරිය ගමන් ඒ හැමදේම ඉවරයි, ඉවරෙටම ඉවරයි......

අවුරුදු 11ක් කොල්ලො අස්සේ හිටපු නිසාද මන්ද මට කෙල්ලන්ව ෆීල් වෙන්නේ නැත්තේ, දැන් ඉතින් යන්න වෙන්නේ මික්ස් ස්කූල් එකකටනේ එතකොට වත් මං ගැන හරියටම හොයා ගන්න බැරියෑ, හැබැයි ඉතින් අච්චර ලස්සන තිසුරිට වත් මගේ හිත හොල්ලන්න බැරි උනානෙ.

නිකන් ජොලියට හරි ඔය පස්සෙන් එන කෙනෙක් එක්ක යාළු වෙන්න හිතුනත් මට දැනුනා මං කාව හරි බලාපොරොත්තු වෙනවා කියල, මගේ ආදරේ කවුරු හරි වෙනුවෙන් පරිස්සම් කර ගන්න ඕන වගේ දෙයක් මගේ හිත ඇතුලෙන් මට දැනුම් දුන්නා.

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now