ආයෙමත් ආදරෙන් 9

1K 172 39
                                    


"තුන් දෙනාම මැරුනේ කොහොමද ඉතින්, අනතුරක් වගේ දෙයක්ද ඒත් කවුරුත් ඒ ගැන දන්නෙත් නෑනෙ"

"මැරුණද, මැරුවද "

ඉදල ඉදලා ශේන් අයියා කිව්වෙ ඇග හීතල වෙලා යන කතාවක්.

"දෙයියනේ අය්යේ ඔහොම එක පාරටම කියන්න එපා බොක්ක කූල් වෙලා ගියා"

තේනුවා එහෙම කියාගෙන අරුල් අයියා ළඟට ගිහින් හේත්තුවක් දා ගත්ත. මූත් අර දිසෙත් පගා වගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද කොහෙද, මේ වගේ වෙලාවකත් මුන්ට මඟුල් විසේ දෙයියනේ.

"ඇත්තටම වෙලා තියෙන්නේ එහෙම දෙයක් නම්, අරුල් අය්යේ ඔයා දන්න හැමදේම අපිට කියන්නකෝ "

තේව් එහෙම කියද්දි අපි හැමෝම අරුල් අයියා දිහා බැලුවේ දැන් නම් ඉවසීම නැත්තටම නැති වෙලා නිසා.

"මට මතක විදියට කියන්නම්, අවුරුදු හයක ළමයෙක්ට මහ ලොකු තේරුමක් නෑනෙ, ඒ නිසා මට ගොඩක් දේවල් මතක නෑ, මෙහෙම හරි මතක තියෙන්නේ එයාලා මගේ හිතේ කොනක ජීවත් උන නිසා.......

මෙතුම්ව මට මුලින්ම හම්බ උනේ ඉස්කෝලෙට බාර දුන්න දවසේ, ඔයාලා දන්නවනේ අර කන්ද පාමුල පොඩි ඉස්කෝලෙ, අපි ගියේ ඒකට.සිංහල ළමයි ගොඩක් මැද්දේ මං තනි වෙද්දි මෙතුම් මං ළඟට ඇවිත් ඉඳගත්ත.එදා ඉස්කෝලෙ ඉවර වෙද්දි අපි යාළුවෝ උනා. එයාගෙ තාත්ත නැති නිසා ළමයි එයාට විහිළු කරා, එයාලා අපි දෙන්නව කොන් කරා. ඒත් අපිට ඒව ගානක් උනේ නෑ......

මෙතුම්ලා ජීවත් උනේ සූරිය බණ්ඩාර වලව්වේ ඉඩමක, එයාගෙ පවුලේ අය වැඩ කරේ වලව්වට. එයා සින්න දොරේට හරිම ආදරෙයි, චූටි අප්පො කියල සින්න දොරේට කතා කරේ, එයා දවසක් සින්න දොරේව එක්ක ආවා ඇවිදින්න.මං මුලින්ම බය උනා. මොකද වලව්වේ අය ගොඩක් නපුරුයි, ඒත් සින්න දොරේ එහෙම නෑ එයා හරිම හොඳයි. අපි තුන් දෙනා නිතරම ඇවිද්ද, ඒ අතරමඟ ඉදල හිටලා අභිමන් මහත්තයවත් හම්බ උනා. අභිමන් මහත්තයා මෙතුම් එක්ක සින්න දොරේට හොරෙන් කතා කරනව, ටික දවසක් යද්දි සින්න දොරේ අභිමන් මහත්තයා එක්ක කතා කරන්න ගත්ත. ඊට පස්සේ අපි හතර දෙනා ගොඩක් තැන් වල ඇවිද්ද.ඔය අතරේ තමයි තේමිය සර් රට ඉඳන් ආවේ, එයත් අපි හතර දෙනා එක්ක යාළු උනා....

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now