🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 10🖤

376 66 43
                                    

After 3 Years

මුහුදක් අසල දෙමහල් Luxury නිවසක උඩු මහලේ ජනෙල් පියනක් විවෘත කර ඇය හිරු කිරණට නිරාවරණය උනේ හරියට නිදහස් උන කිරිල්ලියක් වගේ. මූනට අතක් තියන් ජනෙල් පඩිය උඩින් එලිය බලපු ඇය පහල සෙල්ලම් කරපු පොඩි ගෑනු ලමයෙක් දිහා හිනවෙමින් බලන් හිටියා.

" අලේ මෙරෝ හායි…  "

" ඕ හායි හායි. කෝමද ඉතිම්. උදේ පාන්දරම සෙල්ලම පටන් ගත්තද පණ්ඩිත ආච්චියේ 😂 "

" හී... ඔම්මි නිදි හන්දා බබා ආවා වැලි එක්කල් තෙල්ලම් කලන්න 😁 "

" අනේ මේ පණ්ඩිත ආච්චි නම්.. එන්න එන්න දැන් සෙල්ලම් කරා ඇති. අද බබාගේ පලවෙනි දවස කියලා මතකයි නේ. එන්න ඉක්මනට ලෑස්ති වෙලා යන්..."

" හලි ඔම්මි.. "

Merona's Pov

හ්ම්ම්ම්. අදට අවුරුදු තුනක් උනා මන් ඇමෙරිකාවලට ඇවිත්. මන් එදා කොරියන් වලින් ආවා. මොකද මට තවත් පුලුවන් කමක් උනේ නෑ එයාගේ මූන බලන්න. මෙච්චර වෙලා මන් මේ අර පණ්ඩිත ආච්චි එක්ක තමා කතා කරේ. දැන් එයා තමා මගේ මුළු ලෝකෙම. එයා ඇරෙන්න මගේ ජිවිතේ සතුටු කරන්න කාටවත් බෑ. යුන්හී... මගේ උන්නිගේ ඔප්පගෙයි සෝස මල... මගේ පණ... එයා දැන් මට මෙරෝ කියලා කියනවා. හරියට මගේ උන්නි මට කිව්වා වගේම.. යුන්හි කරන වැඩ වලින් ඔක්කෝමගෙන් මට මතක් වෙන්නේ මගේ උන්නිව. උන්නී වගේම හරිම කටකාරයි ටිකක් ඒ වගේම හුරුබුහුටි. ඔප්පා වගේම දගයි. ඔම්මා කෙනෙක් නොවුන මන් එයා නිසා දැන් ඔම්මා කෙනෙක් උනා. ඔව් මන් දැන් ලොකු වගකීමක් තියෙන ඔම්මා කෙනෙක්. අවුරුදු තුනක් මන් මෙයාව බලාගත්තා. මෙච්චර පොඩි වයසකදී මට ඔම්මා කෙනෙක් වුනු එකටත් මට ලොකු පුදුමයක්. ඒත් අද මේ තැනට එන්න ඕනේ මන් නෙවේ කියද්දී මට දැනෙන්නේ මගේ මුලු ඇගම පිච්චෙනවා වගේ. අද මගේ ඔන්නියි ඔප්පයි හිටියනම් කොච්චරක් සතුටු වෙයිද යුන්හිව දැකලා එයාගේ විකාර කතා අහලා 😔... අදටත් මන් එයාගෙන් පලි ගන්නේ නැත්තේ ඇයි කියන එක මන්වත් දන්නේ නෑ. ඒත් එයා හන්දයි මගේ ඔන්නියි ඔප්පයි නැති උනේ. ඒ දරුවා අද ජීවත් උනානම් එයාට අවුරුදු තුනක්. එහෙනම් අද යුන්හියත් එක්ක සෙල්ලම් කරන්න තව කෙනෙක් ඉදිවී😔

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅDonde viven las historias. Descúbrelo ahora