🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 01🖤

692 99 44
                                    

Merona's Pov

ම්ම්. අද නිකන් වැස්සත් එක්ක. මේ වෙලාවට නම් හොදට නිදාගන්න පුලුවන්. මන් එහෙම හිත හිත අනිත් පැත්තට හැරිලා නිදාගන්න හැදුවා විතරයි මගේ පෝන් එක උදේ පාන්දරම කෑගහන්න ගත්තා.

In a Call 📲

"යොබොසයෝ"

"ආ..... හරි හරි මන් එන්නම්".

Call ended

ඔව් ඉතින් මේක තමා මගේ ජොබ් එක. වෙලාව තාම පාන්දර හතරයි කාලයි. මන් ඉතින් ඇදෙන් බැහැලා වොශ් එකකුත් දාගත්තා. අම්මෝ මාර සනීපයි. මන් ආසම සීතල වතුරට. වොශ් එකකුත් දාගෙන ටග්ගාලා ඇදුමකුත් ඇදගෙන කොන්ඩෙත් පීරලා පොඩි මේකප් එකකුත් දාගෙන පහලට බැහැලා කුස්සියට ගියේ වතුර ටිකක් බොන්න කියලා හිතාගෙනයි.මන් යද්දිත් ඔන්නි නැගිටිලා.

Misu : මෙරෝ කොහෙද මේ උදේ පාන්දර යන්නේ. නින්දෙන්වත් ඇවිදිනිවද.

Merona : ඔව් ඔව් ඔන්නි. මන් මේ නින්දෙන් ඇවිදිනවා.
නෑ අනේ හොස්පිටල් එකේ emergency. දන්නවානේ ඉතින්

Misu : මේ උදේ පාන්දර. අනේ මෙරෝ ඔයා ආවෙත් දොලහට ලං වෙලානේ. නිදා ගත්තේ පැය කීයද අනේ. දැන් emergency.

Merona : නිදා ගන්න එකට වඩා ඔන්නි මිනිස්සු මේ වෙලාවේ අයදින එයාලගේ ජීවිත බේරගන්න එක පිනක් කියලා ඔන්නිමනේ කියලා තියෙන්නේ.

Misu : ඔව් මන් කිව්වනම් තමා. ඒත් මෙරෝ ඔයා ඔයා ගැනත් හිතන්න. අනික මෙරෝ ඔයා යන්නේ කොහොමද. හොදටම වහිනවත් එක්කනේ. ඉන්න මන් ටේයුන්ග්ට කතා කරලා කියන්නම් ඔයාව දාන්න කියලා.

Merona : එපා ඔන්නී මන් යන්නම්. ඔප්පට කරදර කරන්න එපා. එයා දැන් පැටියත් එක්ක නිදි ඇති.

Misu : ඉන්න මන් ටග්ගාලා කිරි එකක් හදලා දෙන්නම්

Merona : එපා ඔන්නියෝ. මට පරක්කුයි.

Misu : හ්ම්ම්. මෙරෝ අද වේලාසන එනවද.

Merona : බලමු ඔන්නියෝ

Misu : හ්ම්ම්

Merona : ඇයි ඔන්නි

Misu : මෙරෝ මට ඔයාට දෙයක් කියන්න තියේ. ඔයාට ඒක ඇහුවම ගොඩක් සතුටු හිතෙයි.

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now