ep.06 🍊

327 68 96
                                    


"ආනා මේ මොකද මේ... බල්ලෙක් වගේ හති අරින්නේ.. " මම දුවපු ඒවයේ ප්රතිපල විදියට බලු හති අරිද්දි කොන්ඩේ පීර පීර හිටිය ලිලියා ඇහුවා... මම නාරංගේ කැබින් එකේ ඉදන් කෙලින්ම ටෙලිපෝර්ට් වුනේ අපේ හොස්ටල් එකට...

"හැහ්... හැහ්.. අම්මෝහ් හති..."

"මේ මොකද මේ... මූනෙන් නම් පේන විදියට නම් මොකක් හරි ඇට්ටර වැඩක් කරලා වගේ" මගේ සෝල්මේට් ලිලියා ගත් කටටම කිව්වා.. ඔය වුනේ වැඩක් මෙයාගෙන් මොකක්වත් හන්ගන්න බැනේ...

" මං ඉවරයි ලිලියෝ.. නාරං මාව මරලා හංගයිද දන්නෙත් නැ... " මුකුත් හංගන්නත් බැරි එකේ මං වෙච්ච දේ ලිලියට කියලා දැම්මා...

"ඒ පාර මොකක්ද කරේ.. "

"වැඩි දෙයක් නෙවේ.. බබල් ටී එකකින් නෑව්වා වගේ දෙයක්👉👈😐" මං හිමීට කියලා දැම්මා.. දැන් මෙයාගෙනුත් ගුටි කන්න වෙයිද දන්නෙත් නැ...

"ඔය කරලා තියෙන්නේ.. දැන් ඉතින් වෙන දෙයක් වෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ... ඇයි බම් බබල් ටී වලින් ගැහුවේ... අඩුම තරමේ වතුර එකකින්වත් ගහන්න තිබුනනේ.... ඒමත් නැත්තන් ඉතින් නහය කැඩෙන්නවත් ගහන්න තිබුනා... ඒත් වෙන කොල්ලොන්ට වගේ මෙයාට ගහලා එන්නත් බැනේ... නේද..." ලිලි වැඩ්ඩා  වගේ කිව්වා...

''මේ පාර මගෙයි වැරැද්ද.. අනික නාරංට ගහන්න මොකක්ද වගේ.. මොනා වුනත් තාමත් මගේ බයස් ලිස්ට් එකේ උඩ්න්ම ඉන්නේ එයානේ..😗😣"

"හපොයි.. ඔයාගේ ලිස්ට් එක ගැන කතා නොකර ඉමු... ඒක නෙවේ... කොහොමද බයස් එක්ක ගත කරන ජීවිතේ...😜" ලිලියා පල් හිනාව දාගෙන මං ගාවට ඇවිත් අැහුවා...

"ඒ ගැන නම් කතා කරන්න එපා බම්... ඒක හිතුවට වඩා ගොඩක් වෙනස්... ඈතින් ඉදන් පොටෝ එකක් බලලා චූන් එකේ හිටපු එක වගේ නෙවේ.... ඒත් මෙහෙම ලගින් ඉදන් එයා දිහා බලන් ඉන්න එක හිතුවට වඩා ගොඩාරියක් වෙනස්... හපොයි... මටත් වෙන වැඩ.. අනික කිසි අවුලකුත් නැ.. නාරං එයාගේ පාඩුවේ මං මගේ පාඩුවේ... හිතුව තරම් අමාරුත් නැ.. එයා දැන් මට සාමාන්‍යය මනුස්සයෙක් විතරයි... " මම කෙලින්ම කියලා දැම්මා... අනික මං ඉතින් ඕවා හිතේ තියන් ඉන්න කෙනෙකුත් නෙවේනේ... 😁

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now