ep.01🍊

894 109 156
                                    



"අම්මේ... අම්මේ... අම්මේ මේ බලන්නකූ.... අනේව්... එයා හරිම සෝයි.... අනේව්..😍" ඩයලොග් කාරයාට පින් සිද්ද වෙන්න TVN එක දිහා බලාගෙන මම කෑගැහුවා... ඒ වෙනකොටත් මට කෙනෙක් ගැන පලමු දැක්මෙන් ප්රේමයක් හට ගෙනයි තිබ්බේ.... අනේව්.... ඒ ඔප්පගේ සස්සන...

මම ආනා... අවුරුදු 16යි.පවුලේ එකම දරුවා.. අම්මගෙයි තාත්තගෙයි පණ... හී... මම හොද ලමයෙක්... කොරියන් ඔප්පෙක්ට බැල්ම දාගෙන හොදට ඉගෙන ගෙන සතුටින් ජීවත් වෙන රටක් වටින දරුවෙක්... ඉස්කෝලේ තරුවක් කියන්නත් පුලුවන්(හිතන් ඉන්නේ එහෙමලු).. අපි යාලුවෝ පස්දෙනෙක් ඉන්නවා.. ඉස්කෝලේ බබැලුනේ අපි පස්දෙනා හින්දා තමා... පික්සි කියලා නමකුත් දාගත්තා.. නැත්තන් බැනේ.. ටිකක් ගැම්මට ඉන්න ඕනනේ... 😁

තාත්තා තයිකොන්ඩෝ මාස්ටර් කෙනෙක්... අපිටම ක්ලබ් එකකුත් තියෙනවා.. ඉතින් අපේ තාත්තගේ මේ ලස්සන දූ තමයි එයාගේ හොදම ශිෂ්‍යයාව... මගේ යාලුවෝ හතර දෙනත් මාත් එක්කම තයිකොන්ඩෝ කරනවා... තාත්තගේ ක්ලබ් එකෙත් ඉතින් පික්සි බබලනවා.. ඒක වෙනම කතාවක්... හී...

මම ගැන කිව්වොත් යාලුවෝ හතර දෙනත් එක්ක මගෝඩි වැඩක් කරලා සතුටින් ඉන්න යහපත් දරුවෙක්.. ඉගෙන ගද්දි පොත ජීවිතයයි කියලා හිතාගෙන ඉගෙන ගන්න සිස්සයෙක්... ටීචර්ස්ලත් මට පණ ඇරලා.. (ඒත් මන් එහෙම නෑ.. පොඩ්ඩක් හිනා වෙලා හිටියට වැඩිය එල්ලෙන්න යන්නේ නෑ.. නැත්තම් බෑනේ... පේපර් බලන්න එහෙම එන්න කිව්වොත් ) කොල්ලෝ සම්බන්ධයෙන් ගත්තොත් නම් මම ඒ විසයෙන්නම් දුර්වලයි.... අහෝ දුකකි ඉරකි තිතකි... ඒත් මම සැලෙනවද... නැනේ... නෑනේ... යක්ඛ පුත්‍රයෙක් දැකපු තැන ඔරෝන සංකල්පේ තමයි මට තියෙන්නේ..අනේ මන්දා ඒ පුරුද්ද කොහොම ආවද කියලා... ඒත් ඒක මං වෙනස් කරගන්නත් කැමති නෑහ්..😌 කොල්ලෝ ඉස්සරහා ආඩම්බර වෙන්න ඕන කියන තියරි එකෙයි පික්සිලා ඉන්නේ... ඇයි එහෙම කියලා අහන්න එපා.. අපි එහෙම තමයි...

ඒත් කොල්ලෝ සම්බන්ධයෙන් කවුරුත් නොදන්න පික්සිලා විතරක් දන්න රහසකුත් තියෙනවා... ඒ තමයි අපි පස් දෙනාම  kdrama පිස්සිිිියෝ... විස්තර කොරන්න ඕන නෑ... අපි korean oppaලට පැනි හලනෝ...

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now