ep.04🍊

283 64 59
                                    


"සිතුවෝ... ඒ මගේ නාරංද??? " මම ආයෙත් සිතුවගෙන් ඇහුවා.. ඒත් මං ආයෙත් නාරං හිටපු පැත්ත බලද්දි නාරං නැ... මං ඒ තත්පරේට හෙනට සතුටු වුනා... මට පිස්සු නැ කියලා දෙවියන්ටත් ස්තුති කලා...

"ඒ හෙලවෙන මනස බම්... " මම සිතුවට කියලා අයෙත් ඒ පැත්ත හැරුනා විතරයි මෙන්න නාරං ඉස්සරහා... හාට් එක පිපිරෙනවා කෙසේ වෙතත් නිකන්වත් ගැහෙන එක නැතිව ගියා... ඔව් දැන් මම මළ කදක්... මගේ හාට් එක නැවතිලා...

ඔව් මගේ සුට්ටි මොලේට තේරුනා වෙලා තියෙන දේ.... මේ මගේ ඉස්සරහා ඉන්නේ මං නාරං කිය කිය මැරෙන්න හදන මනුස්ස ප්‍රාණියා තමයි.... ඒ වගේම එයා ගාව මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බලු කුක්කා වන විවි කුක්කත් ඉන්නවා... නාරං වඩන් හිටපු විවිව බිමින් තියන්න නැවුනු තත්පරේට තමයි මම සෙලවෙන මනස ගැන හිතලා හිත හදන් තියෙන්නේ... ඒත් මගේ තියෙන වාසනාමහිමයට ඒ හෙලවෙන මනස ආයේ පාරක් හෙලවිලා බිමට නැවිලා හිටිය නාරං කෙලින් වුනා... දැන් මගේ දර්ශන පතේට නාරංව හොදට පේනවා... එතකොට මං ගැන කතාකරොත් .. නැ ඕනේ නැ... ඒ ගැන කතා නොකර ඉමු.. ඒ තරම් මං සෝචනීයයි... ලාදුරු හැදිච්ච එකෙක් වගේ මං නාරං දිහා බලන් ඉන්නවා කියලා විතරක් හිතන්නකෝ..😪😷

"අඩේ ආනා... මොකෝ බම් මේ.. අඩේ මැරිලද... අඩේ කෙලත් පෙරෙනවා.. අඩේ නාරං ගියා.... මොනා දිහාද බම් බලන් ඉන්නේ... අඩේ... ආනා..." සිතුවා දාගෙන මට කතා කරනවා.. මට එයාව ඇහෙනවා.. ඒත් හයියෝ... නැ නැ. ඒ සෙලවෙන මනස තමයි... ඔව් ඔව්... ලස්සන සෙලවෙන මනසක්....

"ආාව්... "මට මගේ මනස හෙලවෙන්නම හොදවයින් ප්රහාරයක් වැදුනා... කකුල ඉවරයි... ගල් වෙලා තිබ්බ මගේ ස්නායු පද්ධතිය වැඩ කරන්න අරන් sick leave එකක් දාලා තිබුනු ප්‍රතික චාපය කියන එක ආයෙත් වැඩ පටන් ගත්තා... ඒකේ ප්රතිපලයක් විදියට මගෙන් හූවක් පිටවුනා.. සුට්ටන් කියන්නත් බැරි ලොකුයි කියන්නත් බැරි ලොකු සුට්ටන් හූවක්.... ඒ වගේම රන් පදක්කමක් පවා ගන්න පුලුවන් high jump එකක්....

"අඩ්ඩ්ඩ්ඩ්... ඩෝඩෝඩෝඩෝ... රිරිරිරි... ද්ද්ද්ද්ද්ද්ද්... දුදුදුදුුු.... නානානානානානානානානා... යක්ක්ක්ක්ක්... කුකුකුකුකුකුකු...."

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now