හුළං කුමරුනි, ඔබ දැක්කේ ඔබ එන විට පමණක් මදක් සෙලවෙන වෙන කිසිදු විටකදී නොසෙල්වෙන මහා නුග ගස් පමණක්මද? ඔබගේ පුංචිම දැවටිමක්වත් දරාගන්න බැරිව යන නිදිකුම්බා මල් දුටුවේ නැතිද? මහා නුගය ළග නපුරු නොවී ඇයි ඒ නිදිකුම්බා මල් ළගදීම නපුරු වුණේ? මේක කතාවක් නෙමේ... සීතලම දවසක හීන් පොද වැස්සක පිපුණු කපුරු මලක මතකයක්... මතක මහා ගොඩක් හිර කරගෙන ඉන්න කෝපි මල් කිනිත්තක් කියපු මතකයක්... සුළගේ කුඩාම වෙනස් වීමක්වත් දරා ගන්න බැරිව ගියපු නිදිකුම්බා මලක මතකයක්... ඉතින් ඔව් , මේක මතක වල එකතුවක්... මතක කවි වල එකතුවක්...🌸🌸