Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 01
part 02
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 17
part 18
part 19
part 20

part 03

543 103 8
By Lily_jeonM

💝hotel එකේ සතිය ගත කරලා මම ආයෙ හිටපු තැනටම ආවා.😌 "පුදුම මහන්සියක්නෙ තියෙන්නෙ. හෙට වැඩට යන්නත් ඕනේ"😥 බඩු ටිකත් අස් කර ගත්තු මම පෝන් එක ගත්තෙ අම්මට කෝල් කරන්න 📱

🌹 " හෙලෝ අම්මා... මට එයාව හම්බ වුනා...." මම පිස්සුවෙන් වගේ කෑගහලා අම්මට කිව්වෙ පුදුම සතුටකින්

👩" මොකද කෙල්ලේ කෑ ගහන්නෙ... කාවද හම්බ උනේ... මොකක්ද උනේ.."

🌹 " අම්මා ඔයාට මතකද මම පොඩි කාලේ පිස්සුවෙන් වගේ කොල්ලෙක්ගෙ පොටො එකතු කල... "

👩 " මොකාද අනේ... මට මතක නෑ ..."

🌹 " අයියෝ අනේ... ඔයාට ජන්කුක්ව මතක නැද්ද.. jk අනේ jk.. ". ම ම අම්මට එහෙමකිව්වෙ හිනාවයි සතුටයි තද කරන්.😁

👩 " කවුරු..... ආහ්.... ජ්ංගි කොටා...." එහෙම කියල අම්ම හිනා වෙනවා මට ඇහුනා. 😑 ආයෙ පටන් ගත්ත ඔය මගුල..

🌹 " අනේ අම්මා... ඔව් ඔව් එයා තමා..." 😒 මම එහෙම කිව්වෙ තරහෙන්..

👩 " හරි හරි.. දැන් මොනාද උනේ." අම්ම ඒ වචන ටික කියපු ගමන් මම සම්පූර්න කතාවම අම්මට කියාගෙන කියාගෙන ගියා.........

Few minutes later••••••••

🌹 " අම්මා මම කිව්වනේ... කොහොම හරි මගේ ඇස් දෙකෙන්ම එයාව බලා ගන්නවා කියලා... ඔන්න මම ඒක කලා..." මම එහෙම කිව්වෙ පුදුම ආඩම්බරයකින් 😁

👩 " හරි හරි... උබ දැන් පැයක් තිස්සෙ ඔය කතාව කියෙව්ව... මට වැඩ තියෙනවා....."

🌹 " හරී අම්මා ... හෙට මට වැඩ... මමත් යනවා කන්න බායි..." කියලා මම පෝන් එක තිබ්බෙ කන්න මොනා හරි හොයා ගන්න.😕

•••••••°°°°°°•••°°°••••••°°°°°•••°°°°••••°°°°•••••°°°•••••°

📱 " fire....ah... fire... ayeh...." එලාම් එක වැදුනා විතරයි මම "ඩෝං...." කෙලින්ම ඇදෙන් බිම.
දඩිබිඩි ගාල මම ලෑස්ති උනේ වැඩට යන්න. 🏃🏃 ඇවිද්දා නෙමෙයි මම දිව්වා පරක්කු වෙලා නිසා.
ඔක්කොලාටම ගුඩ් මෝනින් කියලා මම සුපුරුදු විදිහටම වැඩ පටන් ගත්තා.💻

☠️" ආහ්...රීනාශී.... කොහොමද ගමන." අපෝ මේ කරුමක්කාරයා ආපු ගමන් මෙතනට ආවනෙ දවසම කන්න. කවුරු කියලද හිතුවේ.😒 වෙන කවුද ඉතින් office එකේ ඉන්න කුකුලා... එයාගේ නම ජේග්‍යුන්.😒 පුදුම වදයක් තියෙන්නෙ.

🌹 " හොදයි.."😒 කෙටියෙන් උත්තර දුන්නු මම හෙට්සෙට්🎧 එක කනේ ගහගත්තේ මේ කුකුලගෙන් බේරෙන්න... පැය බාගයක් විතර හෙඩ්සෙට් එක කනේ ගහන් ඉන්න ඇති මම... තරු පෙනුනෙ මට file එකක් ඔලුවේ වැදුන නිසා 📁.....

👩‍💼 " රීනාශී... ඔයාට මැනේජර් සර් කතා කරනවා..." මොකක් එදා පාර මොකද... අහ් නිවාඩුව කොහොමද කියල අහන්න වෙන්න ඇති' කියල හිතන් මම මැනේජර් ගෙ office room එකට ගියේ විස්තරය කියන්න.

🌹 " සර් මට කතා කලාද..." කියල මම ඇහුවේ පුදුම සතුටකින්.

🤖 " ඔව්... මම.. මේ.. කතා කලේ....."

🌹 " ඔව් සර් මම හොටෙල් එකට ගිහින් හොදට කාලා .........." කියල මම කියාගෙන කියාගෙන යන්න පටන් ගත්තා විතරයි.

🤖 " ඒක ගැන අහන්න නෙමෙයි මම එන්න කිව්වෙ. " මැනේජාර් මගේ කට වැහුවා.😶
" ඔයාට මාරු වීමක් ඇවිත්..."

🌹 'මොනවා... මොකක්ද මේ මැනේජ සර් කියන්නේ.. මොකටද මාව මාරු කරල තියෙන්නෙ..' ආයෙ පටන් ගත්තා ප්‍රශ්න පත්තර ප්‍රින්ට් වෙන්න..      " ඒ කිව්වෙ සර්.... මාව... ඇ..ඇයි ..මාරු කරල තියෙන්නේ.... මම මොකක් හරි වැරැද්දක්වත් කලාද සර්.." හීන් දාඩිය දාන ගමන් මම සර්ගෙන් ඇහුවෙ පුදුම බයකින්.😓😓😧

🤖 " නෑ මේක උසස් වීමක්.." මොකක් මූට පිස්සුද මට නෙමේ වෙන්න ඇති.

🌹 " සර් පොඩ්ඩක් හොදට බලන්න මටමද කියලා." මම එහෙම කිව්වෙ මට sure නැති නිසා 😶

🤖 " දේ... තන්ශින් ඉම්නිඩා..( ඒක ඔයාටම තමා)

🌹 " මෝහ්... " මට කියවුනේ විශ්වාස කර ගන්න බැරි උන නිසා " හජිමන්... මාව කොහෙටද මරු කරල තියෙන්නෙ." මම එහෙම ඇහුවේ ඉවසිල්ලක් නැතිව. 😶 😅 මගේ අවාසනාවන්ත කාලෙ ඉවර වෙලා වාසනාව උදා වෙලා කියලා මම හිතින් සතුටු වෙද්දිම සර් කියපු කතාවට මගේ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියා 💔

🤖 " හැබැයි එතන වැඩ වැඩීලූ.. ඔයා කැමතිනම් විතරක් ඔයාව එහෙට ගන්නවලූ.... ඒ කම්පැනි එකෙන් ඔයාගෙ නම කියලාම තමා අපෙන් ඔයාව ඉල්ලුවෙ... ඕගනයිසින් වැඩ වලට ඔයාගෙ තියෙන දක්ශ කම නිසා ඔයාව තමා තෝරගෙන තියෙන්නේ" වාසනාව නෙමෙයි ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ එකක් නෙහ් මේ. ' අනේ දෙවියනී ඔබ වහන්සේ මගෙන් පලි ගන්නවද..... ඇයි දෙයියනේ මටම මෙහෙම කරන්නේ 😥😥😥😥' මගේ තිබ්බ සතුට ඔක්කොම නැති උනා වගේ තේරුනා.😓

" ඔයාට වැඩ කරන්න තියෙන්නෙ big hit එකේ. Concert plan කරන්න... කිසිම වැරැද්දක් වෙන්න බෑ එතන.... ඔයා හොදට වැඩ කරන නිසා තම ඉහලින් නියෝග කරලා තියෙන්නෙ ඔයාවම මේකට යවන්න කියලා..."

🌹 "😶 මෝහ්...." මාව ගල් උනා " මොහ්... bighit...." ' දෙවියනේ මම ඉස්සල්ල කියපු දේ ඉල්ලා අස් කර ගන්නවා.ඔබ වහන්සේට බොහොම පින් 😅😅❤️ " දේහ්...සර්... i... i can do it.." අම්බෝ මෙහෙම සතුටක් 😄😄 හිතා ගන්නත් බෑ . කොහොමද එහෙම උනේ.... ආඅහ්හ්හ්හ් 🥺🥺🥺❤️❤️😭😭😭😭..... පුදුම සතුටක්.... සතුටු ගංගාවේ මම නනා ඉද්දි සර් ආයේ කතා කරල ලියුමක් දුන්නා...

🤖 " මේකත් අරන් හෙට එහෙට යන්න.. 📧📜 හෙට ඉදන් ඔයා එහෙ වැඩ..."

🌹 " 😶 මෝහ්... හෙට ඉදන්." පුදුමෙන් වගේ අහපු මම ලියුම අතට අර ගත්ත....
ආයේ මගේ කම්පියුටර් ටේබල් එකට ආපු මම දස අතේ කල්පනා කලා...💬🗨️🗯️💭 ' ඒහ්... රීනා... මොනාද මේ වෙන්නේ.... වාසනාවද... අවාසනාවද දන්නෙ නෑ... කෝකටත් පරිස්සමින් පුතෝ... ඔයා ඉපදිලා තියෙන නැකත එච්චර හොද නෑ කියලා අම්මා බලපු කපු මහත්තයත් කියලා තිබුනා..😶.' මගේ හදවත මාව බය කලා💔.. ' අනේ නිකන් ඉන්නව... අවාසනාව නොවෙන්නත් පුලුවන්.. මොන දේ උනත් රීනා fighting ... 🤜🤛.' එහෙම හිතලා මම මාවම සනස ගත්තා.❤️😓

හෙඩ්සෙට් එක කනේ ගහගත්තු මම හීන ලෝකෙක තනි උනා.. 🎧 ' පියබා... යනවා මා ආකාසේ... අවසානයි ප්‍රේමාදරේ... ' අහ් අමතක උනා අවසාන උනා නෙමෙයි පටන් ගන්නනෙ යන්නේ. අනේ දෙවියනේ ඔබ වහන්සේට දහස්වාරයක් තෑන්ක්ස් ❤️😁🙏

~~~~°°°°°°••••°°°°°°~~~~°°°°°°••••°°°°°°~~~~~

පහුවදා මම ලෑස්ති වෙලා ගියේ big hit entertainment එකට.😶 ලියුමත් අතේ තියන් මම නැවතුනේ big hit එක ඉස්සරහා.. " වාව් 😮" මගේ කටින් නිකන්ම පිට උනේ ඒ බිල්ඩිමේ උස දැකලා. 😶 කොහොම හරී මම ඒකෙ ඇතුලට ගියේ කාව හරි හම්බ වෙලා pd නිම්ට මැනේජ සර් දුන්නු ලියුම දෙන්න. 😐 ' කෝ කවුරුත් නෑ නේ...'

" excuse me.... ඔයාගෙ නම රීනාද?...." 😶 කවුද කෙනෙක් මට කතා කලා...
🌹 " දේ.... " කියලා මම පිටිපස්ස හැරුනා...
💃 " අන්‍යෝන්හසෙයෝ... ජොනන් හියොන් ඉම්නිදා... මම තමා concert planing කරන කෙනා. මම මෙහෙන් යන නිසා තමා ඔයාව ගෙන්නුවේ. එන්න මම ඔයාට ඔක්කොම කියලා දෙන්නම්.
' වාහ්හ්.... උන්නිගේ ලස්සන... වාව්... මම කවදාවත් දැකලා නෑ එයා වගේ ලස්සන කෙනෙක්ව...'

🌹 " අගශ්ශී..." මම කතා කලේ උන්නිට මම බය වෙලා හිටපු නිසා.😶

💃 " අගශ්ශී?.. ඒහ් කෙල්ල මට අගශ්ශි කියන්න එපා... උන්නි කියලා කතා කරන්න" උන්නි මන් දිහා බලලා කිව්වෙ ලස්සන හිනාවක් දාලා.🙂

🌹 " දේ... හියොන්ඔන්නී...." කියලා මම ඔන්නිගේ පස්සෙන් ගියේ කෙලින්ම pd සර්ගෙ office එකට.එලියෙන් පොඩ්ඩක් ඉන්න කියල ඔන්නි ඇතුලට ගියා ලියුමත් අරන්. ටිකකට පස්සෙ ඔන්නි එලියට ආවා.😶

💃." එන්න මම ඔයාට ඔක්කොම දේවල් කියල දෙන්නම්... කරන්න තියෙන්නෙ මොනද ඔක්කොම කියල දෙන්නම්.... ඉස්සල්ලා මම ඔයාට මෙහෙ තියෙන දේවල් පෙන්නන්නම්..." එහෙම කියලා ඔන්නි මට මුලු බිල්ඩිමේම තැන් පෙන්නුවා. ප්‍රැක්ටිස් කරන් රූම් එක.. කන තැන... මේකප් දාන් තැන් ඔක්කොමත් පෙන්නලා කට්ටිය හදුන්වලා දුන්නා.. ❤️😁❤️ මටනම් තාමත් මේක හීනයක් වගේ. අන්තිමට ඔන්නි මාව එක්කන් ගියේ ටිකක් පොඩි, ලොකූ කම්පියුටර් එකක් තව වැඩ කෑලිත් එක්ක සෙට් කරලා තිබ්බ ටිකක් අදුරු කාමරයකට.😶 මට බය හිතුනා කියන්නෙ ආයෙ හීන් දාඩිය නෙමෙයි මාව දිය වෙන්න ගත්තා.

💃 " මෙතන තමයි ඔයාගෙ මුල්ම වැඩේ තියෙන්නෙ..." ' මොකක් මොනාද මේ ඔන්නි කියන්නේ.... මාව මරන්නද ගෙනල්ල තියෙන්නෙ මේ කලුවර කාමරේකට ගෙනාවෙ. 😨😨
" කෙල්ල මොකෝ මේ බය වෙලා වගේ..." උන්නි එහෙම අහද්දි මට ගොත ගැහුනා..

🌹 " නෑ..... මේහ්.....මේහ්හ්හ්...." මගේ කටට වචන ආවෙ නෑ

💃 " මෙතන තමා concert එක plan කරන්නේ. මේ කම්පියුටර් එකෙන් තමා ඔක්කොම කරන්නෙ... මෙතනට වෙන අයට එන්න තහනම්.. කිහිප දෙනෙක්ට විතරයි එන්න පුලුවන්..." එතන තිබ්බ කම්පියුටර් එක පෙන්නලා උන්නි මට කියලා දුන්නේ concert එක plan කරන විදිහ. ඔක්කොම හොදට මම අහ ගත්තා... අනා ගන්න බැරි නිසා 😁 නැත්තන් රස්සාව ගහල ගියොත් 😶

💃 " හරි නේද... ඔයාට තේරුනා නේද කරන විදිහ..." උන්නි එහෙම කියලා මගෙ දිහා හිනා වෙලා බැලුවා

🌹 " දේහ් .... ඔන්නි..." කියලා කියද්දිම හදිස්සියේ ස්ටාෆ් එකේ උන්නි කෙනෙක් දුවන් ඇවිත් එක පාරම දොර ඇරියා..
🗯️ " හියොන් උන්නී....... ගදලිවස්සිම්නිදා...." ස්ටාෆ් එකේ උන්නි කෑ ගැහුවා..😶
💃 " ආහ්...දේ...." කියල හියොන් උන්නි උත්තර දීල මගෙ පැත්ත හැරුනා...." අන්න එයාලා ඇවිල්ලා..." උන්නි එහෙම කිව්වෙ හිනාවක් දාලා

🌹 " දුගූ... උන්නී.?.. " මම ඇහුවේ බය වෙලා වගේ 😶😶😶

💃 " bts . අපේ කොල්ලො 7දෙනා..."

🌹 " මොහ්😶........."

Continue Reading

You'll Also Like

1.6K 247 4
Long showers loud music we dancing...❤ Park Jimin fanfiction Published date - 27.10.2021
10K 1.3K 13
"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර...
115K 220 6
Chloe is a 16-Year old girl who is in desperate need of some money. Thinking she is all out of options, she discovers a certain post on the internet...
47.1K 8.1K 35
This is a BTS fanfiction .And also this is a vampire story Main- Kim Teahyung .